RAM Studios ආයතනය මේ වන විට ශ්‍රී ලංකාවේ ඉතාමත් ප්‍රසිද්ධ video games නිර්මාණය කරන ආයතනයක් බව බොහෝ දෙනෙක් දන්නා කාරණයක්.

මේ RAM Studios ආයතන‍ය විසින් නිර්මාණය කරන ලද game එකක් වන "Mahasona" game එක ගැන මින් පෙර ලිපියක් මඟින් අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබූ බව ඔබට මතක ඇති.

Mahasona game එක Early Access සංස්කරණයක් ලෙස එළිදැක්වීමට Ram Studios ආයතනය කටයුතු කරයි
ශ්‍රි ලංකාවේ Game Develop කරනු ලබන ප්‍රසිද්ධ ආයතනයක් වන Ram Studios ආයතය විසින්මේ වන විට ඔවුන්ගේ නවතම video game එක වන ‘Mahasona’ game එක අන්තර්ජාලයට නිකුත්කිරීමට කටයුතු කර තිබෙනවා. Ram Studios ආයතය විසින් නිපදවන ඔවුන්ගේ පළමුවන game එක මෙය නොවන අතර මිට පෙරඅවස්ථා වලදී ඔවුන් The Chase, Extraction …

මීට අමතරව ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ පළමු online multiplayer game එක ලෙස සැලකෙන, RAM Studios ආයතනය විසින් නිර්මාණය කළ Extraction Valley game එක මේ වන විට Steam හරහා නොමිලයේ ලබාදීමට කටයුතු කර ඇති බව ඔවුන්ගේ නිළ Facebook පිටුව හරහා නිවේදනය කර තිබෙනවා.

ඔන්න ලංකාවේ හදපු Extraction Valley ගේම් එක ‍Steam එකේ අද ඉදලා හැමෝටම හැමදාටම free දෙනවා! මේ ලින්ක් එකෙන් ගේම් එක...

Posted by Extraction Valley on Thursday, July 23, 2020

ඔබ දැනටමත් Steam භාවිතා කරන්නෙක් නම් පහත link එක භාවිතා කරමින් මේ game එක ඔබගේ game library එකට එකතු කරගත හැකි වන අතර, ඔබ Steam වලට අලුත් නම්, මෙය ලබාගැනීම සඳහා ඔබට අලුත් Steam ගිණුමක් නිර්මාණය කරගත යුතු වෙනවා.

Extraction Valley on Steam
Extraction Valley Trifuel Alliance is a 4V4 character base 3rd person shooter game. One team trying to protect a harvester while the other team tries to destroy it. Each Agent has a unique set of abilities that players can use.

මෙය ලබාගන්නා ආකාරය පිළිබඳව ඔබ නොදැනුවත් නම්, ඒ වෙනුවෙන් උදව් කිරීම සඳහා video tutorial එකක් ද RAM Studioes ආයතනය විසින් ඔවුන්ගේ නිළ YouTube channel එක හරහා නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා

එමෙන්ම මේ game එක play කිරීම සඳහා අවශ්‍යය වන PC hardware specification එක ඉහත දක්වා ඇති අතර, අවම වශයෙන් මෙහි සඳහන් වන minimum hardware specification එක සහිත පරිගණකයක් ඔබට තිබීම අත්‍යවශ්‍යය වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Extraction Valley Facebook page එක භාවිතා කළ හැක.