මීට වසරකට පමණ පෙර Microsoft සමාගම විසින් Windows 10 මෙහෙයුම් පද්ධතියට Windows 10 Timeline පහසුකම එකතු කරන්නට කටයුතු කළා මතක ඇති.

මේ පහසුකම හරහා Windows, iOS සහ Android මතදී භාවිතා කරන Websites මේ Timeline එක හරහා පෙන්වීමට කටයුතු කලත්, මෙය භාවිතා කළ හැකි වූවේ අදාල platform එකට තිබෙන Microsoft Edge Browser එකත් සමඟින් පමණක් වීම නිසා, මෙය එතරම් ජනප්‍රියත්වයට පත් වූයේ නැහැ.

කොහොම නමුත් ඔන්න දැන්, Microsoft සමාගම විසින් Google Chrome Browser එක Windows Timeline එකට sync කිරීමේ පහසුකම ලබා දෙන Web Activities නමින් හඳුන්වන අලුත් Chrome Extension එකක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.

මේ අනුව ඔබ Chrome භාවිතා කරන ඕනෑම device එකකින් browser history එක ඔබගේ සෑම Windows 10 device එකකම Timeline එකත් සමඟ sync වෙනවා.

බොහෝ වෙලාවට Browsing history එක කියන්නේ වෙන කෙනෙකු අතට පත් වෙන්නට හොඳ නැති දෙයක් නිසාවෙන් අපි බොහෝ දෙනෙක් ඒ ගැන වද වෙනවා. Microsoft සමාගම ප්‍රකාශ කරන ආකාරයට මේ extension එක හරහා අදාල දත්ත ඔවුන්ගේ servers වල ගබඩා කර නොගන්නා අතර, මේ වෙනුවෙන් Chrome වල තිබෙන පහසුකමක් ම භාවිතා කරමින් මෙම පහසුකම ක්‍රියා කරනවා.

කොහොම වුණත්, තවමත් මේ ආකාරයේ extension එකක් Mozilla Firefox වලට නිර්මාණය කර නොමැති අතර, ඔබ කැමති නම් Google Chrome සඳහා Chrome Store එක හරහා මෙම extension එක download කරගත හැකි වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.