Apple සමාගම විසින් ඔවුන්ගේ Worldwide Developers Conference (WWDC) 2021 event එක online event එකක් ලෙස පැවැත්වීමට තීරණය කර ඇති අතර, එය පැවැත්වීමට නියමිත දිනයන් නිළ වශයෙන් නිවේදනය කිරීමට කටයුතු කර තිබෙනවා.

Apple’s Worldwide Developers Conference is back in its all-online format
Apple today announced it will host its annual Worldwide Developers Conference (WWDC) June 7 through 11, in an all-online format.

මේ අනුව ජුනි මස 7 වැනි දින සිට ජුනි 11 වැනි දින දක්වා සුපුරුදු පරිදි වැඩසටහන් මාලාවක් ලෙස මෙම event එක පැවැත්වෙනු ඇති අතර, සියළුම Apple Developer වරුන් හට නොමිලයේම ම මේ සමඟින් සම්බන්ධ වීමේ හැකියාව ලැබෙනවා.

Apple සමාගම පෙන්වා දෙන ආකාරයට මිලියන 28ක් පමණ වන ලොව පුරා සිටින Apple developer වරුන් මෙයට සහභාගී වීමට නියමිත වන අතර, මෙහිදී iOS 15 සංස්කරණයේ ඇතුලත් වන අලුත් පහසුකම් පිළිබඳව දැනගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

WWDC21 Swift Student Challenge
Showcase your love of coding by submitting your Swift Playground to the Swift Student Challenge by April 18.

මීට අමතරව සුපුරුදු පරිදි Swift Student Challenge එක ද මේ වන විට ආරම්භ කර ඇති අතර මේ හරහා programming වලට අලුතින් පිවිසෙන්නන් හට තමන්ගේ coding හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් මෙන්ම, ඒ හරහා ත්‍යාගයන් ලබාගැනීමට ද අවස්ථාවක් ලබාදීමට Apple සමාගම කටයුතු කරනු ලබනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple Newsroom වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.