Essential Phone එක කිවුවම මේ වෙනකොට හැමෝම දන්න, ඒ වගේම ගොඩක් හොඳ තත්ත්වයේ නමක් තියාගෙන ඉන්න smartphone එකක්.

විශේෂයෙන්ම Essential team එක මේ phone එකට නිතරම latest software updates දෙන එක ගැන පහුගිය දවස් වල ගොඩක් ලොකු කතාබහක් ඇති වුණ. ඒ වගේම ඔයාලට මතක ඇති Android P developer preview එක release වුණු දවසෙම එයාලා Essential Phone එකටත් ඒක release කරන්න කටයුතු කළා.

ඒ වගේම ඔයාලට මතක ඇති මේ Essential Phone එක launch කරනකොට Andy Rubin මේ ගැන විශේෂ ප්‍රකාශයක් කලා.

"keep your phone cord-free, future-proof, and always up-to-date."

ඉතින් මේක කරන්න මෙයාලා ගෙන අාපු එක විශේෂත්වයක් තමයි, මේකට එක එක විදිහේ modules සම්බන්ධ කරන්න පුළුවන් විදිහට නිර්මාණය කිරීම. ඉතින් අන්න ඒ feature එකෙන් ප්‍රයෝජනයක් ගන්න මේ වෙනකන් පුළුවන් වුණේ ඔවුන් එලිදක්වපු 360 camera module එකෙන් පමණයි.

essential-magnetic-camera-attachment-techie

නමුත් මේ phone එක release වෙලා අවුරුද්දකටත් පසුව ඔන්න දැන් Essential ලා release කරලා තියනවා 3.5mm headphone jack සහිත Audio Adapter HD කියලා dongle එකක්.

මේ dongle එක අපි වෙන phones වල දකිනවා වගේ නිකන්ම නිකන් dongle එකක් නෙවෙයි. මේක phone එකට සම්බන්ධ වෙන්නේ magnatic එහෙමත් නැත්නම් කාන්දම් බලයෙනුයි.

ඒ වගේම මේකට Tidal ලා ගේ MQA certification එකත් තියනවා. ඒ කියන්නේ මේක හරහා ඔයාට phone එක හරහා ගන්න පුළුවන් උසස්ම තත්ත්වයේ audio output එකක් ගන්න හැකියාවක් ඇති බවට ලැබෙන සහතිකය මේකට තියනවා. ඔයාට මේ හරහා (MQA) lossless tracks අහන්න හැකියාවක් මේ හරහා ලැබෙනවා.

මීට අමතරව Essential Phone තියන අයට Tidal ලා එයාලගේ higher-resolution audio ලබාදෙන service එකේ Hi-Fi tier එක මාස තුනක කාලයක් නොමිලයේ ලබා දෙන්නත් කටයුතු කරලා තියනවා.

ඒ වගේම high-resolution ESS Sabre DAC එකකුත් මේකේ අන්තර්ගත වෙනවා. මීට අමතරව මේක දිගු කාලයක පැවැත්මක් ලබාගැනීමේ අරමුණින් මේක නිර්මාණය කරලා තියෙන්නේ titanium වලින්.

ඉතින් Essential ලා තාමත් මේකේ මිළ ගණන් ගැන නම් සඳනක් කරලා නැහැ. නමුත් ඔන්න අළුත් smartphone එකක් මිලදීගෙන අන්තිමට charge කරන ගමන් high-quality එකෙන් සිංදුවක් අහන්න නම් පුළුවන්කම ලැබිලා තියනවා.