ඔන්න Instagram එකට අළුත් feature එකක් එකතු වෙලා තියනවා. මේ feature එක හරහා වෙන්නේ කවුරුහරි කෙනෙක් ඔයාව එයාගේ story එකක mention කරලා තියනවා නම්, ඒ photo එක හරි එහෙමත් නැත්තම් video එක හරි ඔයාටත් පුළුවන් ඔයාගේ story එකක් විදිහට instantly share කරන්න.

ඉතින් මේ හරහා ඔයාගේ ලඟ නැති, නමුත් ඔයාගේ යාළුවෙකුගේ ලඟ තියන ඔයාගේ photos වලින් ඔයාගේම story එකක් share කරන්න පුළුවන් වෙනවා.

කවුරුහරි කෙනෙක් ඔයාව එයාලගේ story එකේ mention කලොත්, ඔයාට දැන් direct messages කියන thread එකේ notification එකක් එනවා. ඒ වගේම දැන් අළුත් option එක නිසා ඔයාට පුළුවන් ඒකට අළුතින් මොනවාහරි content තියනවා නම් එකතු කරන්නත්.

mention-Story-Sharing-4-up-techie

ඒ වගේම එහි ප්‍රමාණය වෙනස් කරන්න, rotate කරන්න එහෙමත් නැත්තම් text හෝ stickers එකතු කරන්න වගේ creative tools බාවිතා කරන්නත් ඔයාට අවස්ථාව ලැබෙනවා. කොහොම වුණත් මේ story එක ඔයාගේ followers ලා දකින විට ඒක මුලින්ම post කරපු කෙනාගේ username එක එයාලටත් දකින්න පුළුවන්. ඉතින් ඔයාගේ followers ලා ටත් අවස්ථාව ලැබෙනවා එයාව අඳුරගන්න.

ඒ වගේම මේ අළුත් පහසුකම අත්විඳින්න පුළුවන් වෙන්නේ public account වල පමණක් බවත්, Android සහ iOS වලට නිකුත් වුණු Instagram version 48 එකේ මෙය අන්තර්ගත වෙන බවත් Instagram එකෙන් වැඩිදුරටත් සඳහන් කරනවා.