Headphone jacks නැති phone අපි අතරට ඇවිත් දැන් අවුරුදු දෙකකටත් ලඟ වුණත්, තාමත් මේකට හුරු වෙන්න අපිට අමාරු වෙලා තියනවා. මේ headphone jack එක mobile phone එකෙන් ඉවත් කරන්න Apple සමාගම මූලික වෙලා කටයුතු කලත් මේකේ අවාසිය ලොකුවටම බලපාන්නේ iPhones භාවිතා කරන අයට වඩා Android phones භාවිතා කරන අයට කිව්වොත් නිවැරදියි.

iPhone භාවිතා කරන අයට හැමදාම වගේ Apple සමාගම විසින් තත්ත්වයෙන් උසස් accessories නිකුත් කරලා තියනවා. එයාලට phone එක ගන්නකොටම Lightning connector එකක් ලැබෙනවා වගේම තත්ත්වයෙන් උසස් splitters එහෙමත් නැත්තම් එකවිට charge කරන්නත් music අහන්නත් පුළුවන් විදිහට cable එක වෙන් කරලා හදපු adapters වෙළඳපලේ තියනවා. උදාහරණයකට ගත්තොත් මේ Belkin model එක වගේ.

නමුත් අපි Android ලෝකයට එබිලා බැළුවොතින් නම් මීට වඩා ගොඩක් වෙනස් තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ. මොකද headphone jack එක නැති Android phones වල audio out කරන්න තියෙන්නේ USB Type-C port එකක් නිසා, අපිට Apple වලට භාවිතා කරන splitters භාවිතා කරන්න බැහැ. එ්ත් අපි ඉවෙන් වගේ දන්නවා ඕනෑම වෙලාවක Apple වලට වඩා මිලෙන් අඩු adapters ගොඩක් මේකට තියනවා කියලා.

නමුත් ඇත්තටම බැළුවොත්, එකවිට charging cable එක ගහන්නත් 3.5mm headphone jack ගන්නත් පුළුවන් USB Type-C adapter එකක් ගන්න හරි තැනක් තාමත් නැහැ. නිකමට වගේ Google කරලා බැළුවොතින් ඔයාටත් පෙනේවි හැම තැනකම වගේ out of stock කියලා දාලා තියනවා.

මේ සතිය ඇතුලත Google ලාගේ official store එකේ තිබුණු adapter එකත් එයාලා සද්ද නැතුවම ඉවත් කරලා තියනවා. ඒ වගේම, ඒක නිෂ්පාදනය කරන manufacturer ගේ website එකෙත් ඒක ගන්න විදිහක් නැහැ. Amazon එක හරහාත් units කිහිපයක් විකුණලා තිබුණත්, ඒ විකිණිනු Units වලට ලැබුණු නරක ප්‍රතිචාරත් එක්ක Amazon එකෙනුත් ඒක ඉක්මණින්ම ඉවත් කරන්න කටයුතු කරලා තියනවා.

ඒ වගේම මිලෙන් අඩු adapters කිහිපයක් Amazon එකේ තිබුණත්, ඒ හැම එකක් ගැනම වගේ තියෙන්නේ Google Pixel එක්ක වැඩ කරන්නේ නැහැ, HTC devices එක්ක වැඩ කරන්නේ නැහැ වගේ නරක ප්‍රතිචාර.

මේ වෙනකොට මේ වගේ හොඳ තත්ත්වයේ adapter එකක් නිෂපාදනය කරන බවට හොයගන්න ලැබෙන්නේ Sony ලා ගේ website එකෙන් විතරයි. නමුත් ඒකත් විකුණන්න තියන තැනක් ගැන සඳහනක් නැහැ වගේම අර මම මුළින් සඳහන් කරපු iPhones සඳහා නිෂ්පාදනය කරන ලද Belkin model එක වගේ තත්ත්වයේ එකක් USB Type-C වලට හොයාගන්න නැහැ.

ඔයා ඔයාගේ Android phone එක ඔයාගේ car එකත් එක්ක භාවිතා කරනවා නම් මේක ඔයාට විශේෂයෙන්ම බලපානවා. Music සඳහා Bluetooth වලට ඔයාගේ battery එකේ තියන power එක ඇදලා ගන්නවා. විශේෂයෙන්ම ඔයා navigation එහෙම භාවිතා කරනවා නම්, ඔයා අදාල තැනට යන්න කලින්ම music සහ navigation යන දෙකම ඔයාට නැති වෙන්න පුළුවන්.

මේ ප්‍රශ්ණයට තියන උත්තරය හරිම සරළයි. Phone manufacturers ලා headphone jack එක දාන්න ඕන, එහෙමත් නැත්තම් ඒකට හරියන accesories වෙළඳපලට නිකුත් කරන්න ඕන. එයාලට ඒවා නිෂ්පාදනය කරන්න බැරි නම්, ඊට අදාල අයතනයක් හවුල් කරගනිමින් මේවා නිශ්පාදනය කරන්නත් පුළුවන්.