Apple සමාගම විසින් මෑතකදී iPhone 14 series එක නිකුත් කිරීමත් සමඟ Always-On Display පහසුකමද Apple පරිශීලකයන් හට ලබාදීමට කටයුතු කළ බව ඔබ දැනටමත් දන්නවා ඇති.

කෙසේවෙතත් මෙම Always-On Display (AOD) විශේෂාංගය Android devices වල දක්නට ලැබෙන Always-On Display එකට වඩා තරමක් වෙනස් වන අතර ඇතැම් iPhone පරිශීලකයින් පෙන්වා දුන්නේ මෙම Always-On Display එක සාමාන්‍යයෙන් Always-On Display එකක පෙන්විය යුතු details වලට වඩා අනවශ්‍ය details පෙන්වනවා සේම එහි brightness level එකද තරමක් වැඩි බවයි.

මේ වනවිට Developer Program එක යටතේ නිකුත් වී ඇති තුන්වන iOS beta version එක වන iOS 16.2 සමඟ Always-On Display එක සඳහා වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

එහිදී Always-On Display එකේදී ඔබගේ wallpaper එක පෙන්වන ලෙස හෝ නොපෙන්වන ලෙසත්, ඔබගේ notification icons පෙන්වන ලෙස හෝ නොපෙන්වන ලෙසත් customize කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.

ඔබ මේ වනවිටත් iOS 16.2 Beta version එක භාවිතා කරන iPhone 14 Pro හෝ Pro Max පරිශීලකයෙක් නම්, ඔබගේ iPhone settings වල Display & Brightness category එකෙහි Always On Display section එකට යාමෙන් මෙම නව customization දැකගැනීමට හැකියාව තිබෙනවා.

මෙම updated option එක මඟින් දුරකථනයේ battery life එකද පෙරට වඩා ඉතිරි කර ගත හැකි අතර Always-On Display එකට සරල පෙනුමක්ද ලබාදෙනවා.

දැනට, මෙම update එක ලැබී තිබෙන්නේ Developer Program එක යටතේ subscribe වී සිටින පරිශීලකයන් සඳහා පමණක් වන අතර මෙම update එක public beta channel එකේ සිටින පරිශීලකයන් හටද ඉක්මනින්ම නිකුත් කර ඉන් පසුව stable iOS සංස්කරණය භාවිතා කරන පරිශීලකයන් හට ලබාදෙනු ඇත.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා macrumors වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.