සැබෑ පුද්ගලයෙකු අභිබවා බිත්තරයක post එකක් ලොව වැඩිම Instagram likes ප්‍රමාණය ලබා ගැනීමට සමත් වෙයි

කතුවරයා
Asela Priyadarshana
Save කරන්න
Share කරන්න

    Instagram කියන්නේ අප බොහෝ දෙනා එදිනෙදා ලබාගන්නා පින්තූර Share කිරීමට භාවිතා කරන්නා වූ බොහ‍ෝ ජනප්‍රිය Social Network එකක් වගේම තමයි මේ විදිහට දිනපතා Instagram වෙත එකතු කරන පින්තූර වලට ලැබෙන Likes ගැනත් අපි විශේෂ උනන්දුවක් දැක්වීමට පුරුදු වී තිබෙනවා.

    ඉතින් මේ කියන්න යන්නේ දැනට Instagram වල වැඩිම Like ගනනකට හිමිකම් කියන ලෝක වාර්තාව අලුත් කළ අමුතුම විදිහේ පින්තූරයක් ගැනයි.

    මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ Kylie Jenner නැමැති ඇමරිකානු ජාතික ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක් වන අතර ඒ ඇයගේ දුව සමග ලබාගත්, Instagram වෙත එක්කළ පින්තූරයකටය. එය Instagram Likes මිලියන 18 ක් ලැබීමට සමත් වී තිබෙනවා.

    කෙසේ නමුත් ඇගේ මේ වාර්තාව බිඳ දැමීමේ අරමුණින් ජනවාරි 4 වැනි දින Instagram වෙත world_record_egg නැමැති Instagram account එකක් විසින් එක් කරන ලද පින්තූරයකට හැකියාව ලැබී තිබෙනවා. විශ‍ේෂත්වය නම් මෙම පින්තූරය බිත්තරයක් වීමයි.

    Kylie Jenner වාර්තාව පසුකරමින් මේ පින්තූරය මේ වන විටත් Instagram Like මිලියන් 44 ක් පමණ ලබා ගැනීමටත් සමත් වී තිබෙනවා.

    View this post on Instagram

    Take that little egg

    A post shared by Kylie (@kyliejenner) on

    ඒ වගේම මෙම සිද්ධියට පිළිතුරක් වශයෙන් Kylie Jenner එනම් මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියූ මාධ්‍යවේදිනිය, මාර්ගය මැද බිත්තරයක් කඩා දමන ආකාරය දැක්වෙන Video පටයක් Status ලෙස පළ කර තිබෙනවා.

    මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.