කැමරා, ජංගම දුරකථන සහ තවත් උපාංග සඳහා reviews ඉදිරිපත් කරන මෙන්ම, ඒ සඳහා ලකුණු ලබාදෙන ක්‍රමවේදයක් සහිත DxOMark වෙබ් අඩවිය පිළිබඳව මේ වන විට TechNews.LK පාඨක ඔබ හොඳින් දන්නවා ඇති.

විශේෂයෙන්ම smartphone වල camera එක compare කිරීමේදී බොහෝ විට ලොව පුරා ප්‍රසිද්ධතම ක්‍රමවේදයන් වලින් එකක් වන්නේ මේ DxOMark score එක පරීක්ෂා කර බැලීමයි.

මේ ranking අතරින් මේ වන විට ඉහළින්ම සිටින්නේ Huawei සමාගමේ Mate 40 Pro+ ජංගම දුරකථනය වන අතර, පළමු ස්ථාන 5ම හිමිකරගන්නේ පිළිවෙලින් චීන ජංගම දුරකථන නිෂ්පාදකයින් වන Huawei, Xiaomi සහ Vivo යන සමාගම් වල ජංගම දුරකථන මාදිලි කිහිපයකුයි.

Rankings - DXOMARK

මේ අතර Samsung සමාගමේ Galaxy S21 ජංගම දුරකථනය (ලකුණු 121) විශේෂිත වන්නේ එය එහි පැරණි මාදිලිය වන Galaxy S20 ජංගම දුරකථනයට (ලකුණු 126) වඩා අඩු ලකුණු ප්‍රමාණයක් ලබාගනිමින් ඊට ස්ථාන 7කට පමණ පසුපසින් පැවතීම හේතුවෙනුයි.

විශේෂයෙන්ම අලුතින් එළිදක්වනු ලැබූ Galaxy S21 ජංගම දුරකථනයේ ප්‍රධාන camera module එකේ අන්තර්ගත වන Telephoto lens එක (optical zooming සඳහා භාවිතා වන lens එක), පැරණි මාදිලියේ තරම් හොඳ තත්ත්වයේ zoom හැකියාවක් ලබාදීමට සමත් වී නොමැති බව මෙහිදී බැලු බැල්මට පෙනී යනවා.

එමෙන්ම Video සඳහා ලබාදී ඇති score එක 98ක් වන අතර මිලෙන් අඩු, mid-range ජංගම දුරකථනයක් වන Google Pixel 4a ජංගම දුරකථනයට ද මෙම 98ක ලකුණු සංඛ්‍යාව හිමිව තිබෙනවා.

කෙසේ නමුත් video පිළිබඳව review එක සිදු කරන අවස්ථාවේදී 4K/60fps mode එක පමණක් පරීක්ෂා කර ඇති අතර, 8K/30fps mode එක පරීක්ෂා නොකිරීමට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ Video stabilization වල ගැටළුවක් නිසාවෙන් බවයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Sammobile වෙබ් අඩවිය භාවිතා කළ හැක.