Toyota සමාගම විසින් ජපානයේ අක්කර 175 ක පමණ ප්‍රදේශයක Smart නගරයක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර කෘතිම බුද්ධිය සහ අනාගත තාක්‍ෂණයන් පිළිබඳව කටයුතු කරන එය “living laboratory එනම්, "සජීව විද්‍යාගාරයක්” ලෙස කටයුතු කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම Smart නගරයේ ක්‍රියාකාරීත්වයට Robot හා AI තාක්ෂණය ඇතුළත් වන අතර, තනි operating system එකකින් සම්පූර්ණයෙන්ම පාලනය වීමට නියමිතයි.

Tokyo සිට සැතපුම් 62 ක් පමණ ඈතින් පිහිටි ජපානයේ ෆුජි කන්ද පාමුල පිහිටි ස්ථානයක “Woven City” ලෙස නම් කරන ලද ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ සතියේ ආරම්භ වූ අතර, නගරය සැලසුම් කර ඇත්තේ රොබෝ තාක්ෂණය, අන්තර් සම්බන්ධිත ස්මාර්ට් නිවාස සහ කෘතිම බුද්ධිය(AI) ඇතුළු නාගරික පරිසරයන් හරහා විකාශනය කළ හැකි තාක්ෂණයන් සඳහා පරීක්ෂණ භූමියක් ලෙස ය.

පසුගිය ජනවාරි මාසයේ පැවති CES 2020 ප්‍රදර්ශනයේදී මෙම ව්‍යාපෘතිය පිළිබඳව මුල් වරට නිවේදනය කිරීමට Toyota සමාගම කටයුතු කළ අතර මෙම නගරය එකිනෙකට සම්බන්ධ වන මාර්ග වර්ග තුනකින් සමන්විත වෙනවා.

ඒවා නම් "පදිකයින් සඳහා එක් මාර්ගයක්, පදිකයින් විසින් පුද්ගලික සංචරණ සඳහා භාවිතා කරන ඊ -ස්කූටර්, සහ ස්වයං-රිය පැදවීමේ (Self driving) වාහන සඳහා පමණක් වූ මාර්ගයක් හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා නගරයට යටින් (උමං මාර්ගයක්) ලෙස තවත් මාර්ගයක්" ලෙසයි.

මෙම නගර ව්‍යාපෘතියේ ප්‍රවාහන යටිතල පහසුකම්වලින් වැඩි ප්‍රමාණයක් Toyota සමාගම විසින්ම නිපදවනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඒවා අතර "ගමනාගමන, බෙදා හැරීමේ සේවා සහ ජංගම කාර්යාල සහ හෝටල් සේවාවන්" පවා ඇතුළත් වෙනවා.

මෙම නගරයේ පදිංචිකරුවන් "ජනතාවගේ සෞඛ්‍යය අධීක්‍ෂණය කිරීම සහ අනෙකුත් මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා දෛනික ජීවන දත්ත හා සංවේදක සහ AI තාක්ෂණය මඟින් බලගැන්වූ රොබෝ තාක්ෂණයන් සහිත Smart නිවාසවල" වාසය කරනු ඇති බව සමාගම පෙන්වා දෙනවා.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා විවිධ වයස් කාණ්ඩවල පදිංචිකරුවන් 360 ක් පමණ සහභාගී වන අතර, Toyota සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සමඟ සම්පුර්ණ ජනගහනය 2,000 ක් දක්වා ඉහළ යනු ඇති.

ඔවුන් අතර විවිධ තාක්‍ෂණික ක්‍රමවේදයන්හි ඵලදායිතාවය තක්සේරු කරන විද්‍යාඥයන්ගෙන් හා නව නිපැයුම්කරුවන්ද වන බව Toyota සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය සහ woven-city නිළ වෙබ් අඩවිය භාවිතා කළ හැක.