වසර 20ක පමණ කාලයක් තිස්සේ නොපැවතුණු semiconductor company එකක් වෙත ඩොළර් බිලියන 2.18ක මුදලක් වන්දි වශයෙන් ගෙවන ලෙස Intel සමාගමට නියෝග කිරීමට Texas ප්‍රාන්තයේ අධිකරණය මේ වන විට කටයුතු කර තිබෙනවා.

මීට හේතුව වන්නේ VLSI Technology නම් වූ මෙම සමාගම සතු පේටන්ට් බළපත්‍ර ත්‍රිත්වයක් Intel සමාගම විසින් උල්ලංඝනය කර තිබීම වන නමුත්, මෙම සමාගම අවසන් වරට තනි සමාගමක් ලෙස පැවතී ඇත්තේ 1999 වර්ෂයේදීයි.

ඉන් පසුව මෙම සමාගම Philips Electronics සමාගම විසින් ඩොළර් බිලියනයක මුදලකට මිලදීගත් අතර, පසුව ඉන් කොටසක් NXP Semiconductors සමාගම සතු වුණා.

Apple සමාගම සහ Acorn සමාගම විසින් මුලින්ම ARM processors නිර්මාණය කිරීමේදී මේ VLSI සමාගමද ඔවුන් සමඟ සම්බන්ධ වී ඇති අතර, ඔවුන් සතුව ඇති පේටන්ට් බළපත්‍ර අතරින්

  • Managing clockspeed in an electronic device
  • Minimum memory operating voltage technique
  • Voltage-based memory size scaling

යන ක්‍රියාවලීන් handle කිරීම සඳහා භාවිතා වන තාක්ෂණයන් නිර්මාණය කිරීම පිළිබඳව වන පේටන්ට් බළපත්‍ර ත්‍රිත්වයක් Intel සමාගම විසින් මෙලෙස උල්ලංඝනය කිරීමට කටයුතු කර තිබෙනවා.

ජූරිය විසින් ඩොළර් 2.18ක වන්දි මුදල (එනම් Intel සමාගමේ වාර්ෂික ලාභයෙන් 1/10ක මුදලක්) නියම කර ඇත්තේ ඉහත සඳහන් කළ තාක්ෂණයන්ට අදාල පේටන්ට් බළපත්‍ර දෙකක් උල්ලංඟනය කිරීම සඳහා පමණක් වන බව ද වාර්තා වෙනවා.

මෙහි සිත්ගන්නා සුළු කාරණය වන්නේ මෙම පේටන්ට් බළපත්‍ර ලබාගන්නා කාළසීමාව වන විට VLSI සමාගම නොපැවතීම වීම වන අතර, Freescale Semiconductor, Sigmatel යන සමාගම් 2005, 2009, 2020 සහ 2012 යන වසර වලදී මෙම පේටන්ට් බළපත්‍ර ලබාගෙන ඇති අතර 2019 වර්ෂයේදී නැවතත් මෙම සමාගම් සියල්ල එකතු කර Fortress Investment Group එක විසින් VLSI, LLC නමින් අලුත් ආයතනයක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම Intel සමාගමට විරුද්ධව VLSI සහ Fortress Investment Group එක  විසින් තවත් නඩු කිහිපයක් පවරා ඇති බව ද වාර්තා වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Reuters වෙබ් අඩවිය භාවිතා කළ හැක.