පෙර ලිපියකින් Android සඳහා වන Discord beta පරිශීලකයින් සඳහා screen sharing පහසුකම පරීක්ෂා කිරීමට Discord ආයතනය සූදානමින් සිටින බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Android සඳහා වන Discord beta channel එක සඳහා screen sharing පහසුකම පරීක්ෂා කිරීමට Discord ආයතනය කටයුතු කරයි
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී Discord ආයතනය විසින් Android සඳහා වන Discord appඑක සඳහා screen sharing විශේෂාංගය ලබාදීමට සැලසුම් කර ඇති බව වාර්තා වූ අතර[https://www.xda-developers.com/discord-preparing-add-screen-sharing-android/] එම අවස්ථාවේ දී, Discord හි desktop client එකෙහි Canary release එකක…

පරීක්ෂණ මට්ටමේ පැවති මේ පහසුකම මූලිකව Discord mobile app එක පරිශීලනය කරනන්ගෙන් 20%ක ප්‍රමාණයකට ලබාදීමට කටයුතු කර තිබුණු අතර මේ වන විට එය සියළුම Discord mobile පරිශීලකයින් හට නිකුත් කිරීමට Discord ආයතනය කටයුතු කර තිබෙනවා.

ඔබ ජංගම දුරකථනය භාවිතා කරමින් game එකක් play කරන අවස්ථාවකදී හෝ YouTube/TikTok වැනි video එකක් තවත් පුද්ගලයින් සමඟ එකතු වී නැරඹීමට අවශ්‍යය වූ විටෙකදී මේ mobile screen sharing පහසුකම හරහා ජංගම දුරකථනයේ screen එක තවත් පුද්ගලයින් සමඟ share කරගැනීමට හැකියාව ලැබෙන බවත්, එය screen එක මත ඉතා විශාල වශයෙන් motion එකක් තිබෙන අවස්ථාවකදී පවා ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන ලෙස නිර්මාණය කර ඇති බවත් Discord ආයතනය පෙන්වා දෙනවා.

ඔබත් Discord පරිශීලකයෙක් නම් ඉහත දැක්වෙන video එකෙහි ආකාරයට, Discord voice calling interface එකෙහි පහළ ඇති toolbar එකෙහි තිබෙන නව icon එක මත tap කළ විට ලැබෙන confirmation dialog එකෙහි ඇති “Start Now” button එක tap කිරීම මගින් මෙම විශේෂාංගය භාවිතා කළ හැකි වෙනවා.

Discord - Talk, Video Chat & Hang Out with Friends - Apps on Google Play
Discord is your place to talk. Create a home for your communities and friends, where you can stay close and have fun over text, voice, and video. Whether you’re part of a school club, a gaming group, a worldwide art community, or just a handful of friends that want to spend time, Discord makes it ea…
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.