Apple සමාගම විසින් ඔවුන්ගේ Mac පරිගණක බළගැන්වීම සඳහා ඔවුන්ගේම chipset එකක් වන Apple Silicon chips නිෂ්පාදනය කිරීමට කටයුතු කළ බව මීට පෙර කිහිප අවස්ථාවකදීම අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

Apple Silicon ‍family එකේ පළමු chipset එක වන M1 chip එක එළිදැක්වීමට Apple සමාගම කටයුතු කරයි
Apple සමාගම විසින් ඔවුන්ගේ One More Thing hardware event එක ඊයේ දිනයේ පැවැත්වීමටනියමිත වන බව අපි ඔබව මීට පෙර දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති. Apple සමාගම විසින් ඔවුන්ගේ “One More Thing” event එක නොවැම්බර් 10 වැනි දිනපවත්වන බව නිවේදනය කරයිApple සමාගම විසින් නොවැම්බර් මස 10 වෙනිදා ශ්‍රී ලංකාවෙලා…

ඔන්න දැන් Microsoft සමාගමත් මේ අනුව යමින් ඔවුන්ගේ Servers සහ Surface පරිගණක සඳහා ARM-based chipset එකක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින බව Bloomberg වෙබ් අඩවිය වාර්තා කරනවා.

මේ වන විට Microsoft Azure cloud services සඳහා Intel-based processors භාවිතා කරනු ලබන අතර Surface devices නිෂ්පාදනය කරනු ලබන්නේ ද මූලිකව Intel processors පාදක කරගෙනයි.

එමෙන්ම කිහිප අවස්ථාවක AMD සමාගම සහ Qualcomm සමාගම සම්බන්ධ කරගනිමින් ඔවුන්ගේ Surface Laptop 3 එක සහ Surface Pro X යන devices එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.

මෙම පුවත ඇසූ සැනින් Surface Pro X එක බළගැන්වෙන ARM-based chipset එකක් වන Microsoft SQ1 සහ SQ2 chipsets ගැන ඔබගේ මතකයට එනු ඇති නමුත්, වඩා සමීපව විමසා බැලු‍වහොත් එය Qualcomm සමාගමේ Snapdragon 8CX gen 1 සහ gen 2 compute platforms ද්විත්වයට දෙනු ලැබූ වෙනත් නමක් පමණක් බව දැකගතහැකි වනු ඇත.

කොහොම නමුත් Microsoft සමාගම මෙයින් ඔබ්බට ගොස්, තමන්ගේම chipset එකක් design කිරීමට කටයුතු කරමින් සිටින අතර Amazon සමාගම ද දැනට වසරකට පමණ පෙර සිට Intel සහ AMD සමාගම් වලින් ඔබ්බට ගොස් AWS බළගැන්වීම සඳහා ARM-based Graviton2 processors භාවිතා කිරීමට කටයුතු කරමින් සිටිනවා.

තවමත් මේ පිළිබඳව Microsoft සමාගම විසින් නිළ වශයෙන් නිවේදනය කිරීමට කටයුතු කර නොමැති අතර ඉදිරියේදී මේ පිළිබඳව තවත් විස්තර දැනගැනීමට හැකියාව ලැබෙනු ඇති බව අපේක්ෂා කළ හැකි වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.