Gmail සහ Google Play Store යන Apps සඳහා dark mode එක පරීක්ෂා කරමින් සිටින බව පසුගිය සැප්තැම්බර් මස 12 වැනි දින අපි ඔබව දැනුවත් කළා මතක ඇති.
ඔන්න දැන් iOS සහ Android මත Gmail app එක භාවිතා කරන්නන් හට dark mode පහසු කම ලබාදීමට google සමාගම තීරණය කර ඇති අතර එය සැප්තැම්බර් 24 වනදා සිට පරිශීලකයන් හට ලබා දීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.
මේ අනුව Android 10 සහ iOS 13 පරිශීලකයන්ගේ System settings වල ඇති default dark mode පහසුකමට අනුරූපව Gmail app එකේ ද Dark mode එක enable වීම සිදු වන බව Google සමාගම ප්‍රකාශ කරනවා.
මීට අමතරව Pixel phone එකක් භාවිතා කරන්නේ නම් battery saver mode එක enable කළ විට ද මෙම පහසුකම ස්ව්‍යංක්‍රීයව ක්‍රියාත්මක වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
Android 10 සහ iOS 13 නොවන, එනම් පැරණි සංස්කරණ භාවිතා කරන්නන් හට මෙම පහසුකම දැනටමත් ලැබී ඇත්නම්, Gmail app එක තුල settings වල අන්තර්ගත වන theme යනුවෙන් ඇති option එක භාවිතා කිරීමෙන් මෙම Dark mode පහසුකම සක්‍රීය කර ගැනීමට හැකියාව ලැබෙනවා.
කොහොම නමුත් තවමත් මෙම පහසුකම සියලුම පරිශීලකයන් හට ලැබී නොමැති අතර Google සමාගම පවසන ආකාරයට 24 වැනි දින සිට දින 15ක පමණ කාලයක් ඇතුලත මෙම යාවාත්කාලීන කිරීම සියළුම පරීශීලකයන් හට ලබා ලබාදීමට කටයුතු කරනු ලබනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.