Firefox web browser එකට ඊයේ දිනයේ  අලුතින් update එකක් නිකුත් කරමින් Mozilla ආයතනය කියා සිටියේ මේ සමඟින් Firefox වල වඩාත් හොඳ තත්ත්වයේ වේගය වැඩි වීමක් බළාපොරොත්තු විය හැකි බවයි.

Web page එකක් ඉක්මණින් load කිරීම සඳහා අවශ්‍යය වන කටයුතු පසුගිය කාළසීමාව ඇතුලත Mozilla community එක හරහා හඳුනාගැනීමට කටයුතු කළ බවත්, ඊට අනුකූලව අදාල වැඩිදියුණු කිරීම් සිදු කිරීමට ඔවුන් කටයුතු කළ බවත් Mozilla ආයතනය පවසා සිටිනවා.

මේ අනුව Instagram, Amazon සහ Google වැනි load වීමේ වේගය 40%ත් 80%ත් අතර වේගය වැඩි වීමක් බළාපොරොත්තු විය හැකි බවත්, අදාල web page එකේ form එකක් නොමැති නම්, autofill module එක වැනි අනවශ්‍යය කොටස් load නොකිරීම මගින් RAM එක හා processing power එක භාවිතා කිරීම අවම කිරීමටත් ඔවුන් කටයුතු කර තිබෙනවා.

මීට අමතරව ඔබ භාවිතා කරන device එකේ free RAM එක 400MB වලට වඩා අඩු තත්ත්වයක පවතින අවස්ථා වලදී, එම අවස්ථාවේදී open කර තිබෙන tabs හැර අනෙකුත් idle තත්ත්වයේ තිබෙන tabs suspend කිරීමට ද ඔවුන් තීරණය කර තිබෙනවා.

මේ හරහා වැඩිය RAM එක නොමැති devices වලදී ද tabs විශාල සංඛ්‍යාවක් open කලත් slow නොවී අදාල කටයුතු සිදු කරගෙන යාමට Firefox පරිශීලකයන් හට හැකියාව ලැබෙනවා.

එමෙන්ම Addons සමඟින් Firefox භාවිතා කරන විට, මේ දක්වා සිදු වූ අනවශ්‍යය processing කොටස් ඉවත් කිරීම හරහා Firefox loading time එකෙහි ද වැඩිදියුණු කිරීමක් සිදු කර තිබෙනවා.

මේ වෙනස්කම් හරහා Chrome වලට තරඟයක් ලබා දීමට Firefox වලට හැකියාව ලැබෙනු ඇති බව ඔවුන් විශ්වාස කරන අතර cryptomining scripts නැවැත්වීමේ හැකියාවත්, digital fingerprints block කිරීමේ හැකියාවත් හරහා ඔබගේ CPU එක වෙනත් පුද්ගලයන් විසින් භාවිතා කිරීම වැලැක්වීමටත්, advertisement වෙනුවෙන් ඔබට track කිරීමේ හැකියාව වැලැක්වීමටත් ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ සියළුම වැඩිදියුණු කිරීම් Firefox 67 වන සංස්කරණයේ ඇතුලත් වන බවත්, ඊට අදාල update එක තවමත් ලබාගෙන නොමැති නම්, එය දැන්ම ලබාගන්නා ලෙසත් Mozilla ආයතනය වැඩිදුරටත් දැනුම් දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Firefox වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.