2008 වර්ශයේ නිෂ්පාදනය ආරම්භ කළ මේ Gorilla Glass එක මේ වෙනකොට හැම ජංගම දුරකථනයකම වගේ display එක ආවරණය කිරීම සඳහා බාවිතා වෙන ලොව ජනප්‍රියම වීදුරු වර්ගය බව අමුතුවෙන් පවසන්න වුවමනා වෙන්නේ නැහැ.

විවිධ අත්හදා බැලීම් වල ප්‍රතිඵලයක් ලෙස ක්‍රම-ක්‍රමයෙන් ඔවුන්ගේ production quality එක වැඩි කර ගනිමින් 2016 වන විට Gorilla Glass 5 කියන glass එක එළිදක්වන්න ඔවුන් කටයුතු කළ අතර එම වසරේ අග භාගයේ සිට 2018 වර්ශය දක්වා නිෂ්පාදනය කළ සෑම ප්‍රධාන smartphone එකකම පාහේ අන්තර්ගත වුණේ මේ Gorilla Glass 5 එකයි.

corning-gorilla-glass-6-announcement-tech-news-sinhala

ඔන්න අවුරුදු දෙකකට පසුව Corning සමාගම ඔවුන්ගේ නවතම Gorilla Glass 6 එක එළිදක්වන්න කටයුතු කරලා තියනවා. මේ අළුත් glass එක ඔවුන් විසින් මෙතෙක් නිෂ්පාදනය කරන ලද සෑම glass එකකටම වඩා කල් පැවැත්ම අතින් හොඳ බවත්, ලෝකයේ මෙතෙක් mobile phone එකකට නිර්මාණය කර ඇති සවිමත්ම වීදුරුව එය වන බවත් ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

සාමාන්‍යය පුද්ගලයෙක් වසරකට 7 වතාවක් පමණ phone එක බිම වැටීමට ලක් වන බවත් එම වැටීම් වලින් 50%ක් පමණ ම සිදු වන්නේ මීටර 1ක් හෝ ඊට අඩු උස මට්ටමක සිට බවත් Toluna සමාගම විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් හෙළිදරවු වී තිබෙනවා.

ඉතින් මේ හේතුව නිසාවෙන් Corning ආයතනයේ සිටින විද්‍යාඥයින් විසින් කිහිප වාරයක් නැවත නැවත වැටීමකදී ඔරොත්තු දෙන පරිදි අළුත් material එකක් නිර්මාණය කරන්න කටයුතු කරලා තියනවා. මේ අළුත් වීදුරුව මීටරයක උසක සිට රළු පෘෂ්ඨයක් මතට 15 වරක් නැවත නැවත වැටීමකදීත් නොබිඳී තිබීමට හැකියාව ඇති ලෙස නිෂ්පාදනය කිරීමට ඔවුන්ට මේ අනුව හැකියාව ලැබී තිබෙනවා.

බොහෝ වෙලාවට Wireless charging පහසුකම අන්තර්ගත කිරීමට ඇති හැකියාව මෙන්ම මනරම් පෙනුමක් ලැබෙන නිසා දුරකථනයේ ඉදිරිපස මෙන්ම පසුපසටත් වීදුරු යොදා නිෂ්පාදනය කිරීමට මෑත කාලීනව ජංගම දුරකථන නිෂ්පාදකයන් කටයුතු කරන බවක් අපිට දැකගන්න ලැබෙන අතර ප්‍රමාණයෙන් විශාල display මෙන්ම bezel වල ප්‍රමාණය අඩු වීම නිසාවෙන් සිදු වියහැකි අපහසුතාවයන් මගහරවා ගැනීම පිළිබඳව ද Corning සාමගම මේ Gorilla Glass 6 එක නිෂ්පාදනය කිරීමේදී අවධානය යොමු කරලා තියනවා.

ඒ වගේම මේ වන විට ප්‍රධාන දුරකථන සන්නාම (brands) 45ක් පමණ යටතේ බිලියන 6ක් පමණ වූ devices වල මේ Gorilla Glass එකක් අන්තර්ගත වෙන අතර මේ අළුත්ම Gorilla Glass 6 එක මීළඟ මාස කිහිපය ඇතුලත වෙළඳපලට නිකුත් කිරීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.

සමහර විට ඔබ දකින්න ඇති පසුගිය වර්ශයේ Apple සමාගම විසින් මේ Corning සමාගමේ R&D එහෙමත් නැතිනම් research and development devision එකට ඩොලර් මිලියන 200ක මුදලක් ආයෝජනය කළා. ඒ අනුව බොහෝ විට මීළඟ iPhone එකෙත් මේ Gorilla Glass 6 එක අන්තර්ගත වීමට වැඩි අවස්ථාවක් තිබෙනවා.