Netflix, Amazon Prime, Disney+ වැනි විවිධ video streaming platforms වල ඇති අන්තර්තයන් තනි page එකක් හරහා නැරඹිය හැකි පහසුකමක් Google Chrome වලට එකතු කිරීමට මේ වන විට Google සමාගම කටයුතු කරමින් සිටින බව වාර්ථා වෙනවා.

Chrome Kaleidoscope යනුවෙන් හැඳින්වෙන මෙම විශේෂාංගය දැනට Google Chrome හි Canary version එකෙන් ලබා ගත හැකි වන නමුත් එය තවමත් මෙය ක්‍රියාත්මක වන තත්ත්වයේ නැහැ.

Chrome Story වෙබ් අඩවිය විසින් මෑතකදී නිකුත් කළ වාර්තාවකට අනුව, Chrome Canary සංස්කරණයේ chrome://kaleidoscope/ යන URL එකට පිවිසීමෙන් Kaleidoscope project එකට පිවිසිය හැකි අතර එහි පහත පණිවිඩය පෙන්වයි.

“ඔබගේ ගිණුම සඳහා Chrome Kaleidoscope දැනට ලබාගැනීමට හැකියාව නොමැත. ඔබ Googler කෙනෙකු නම් වැඩි විස්තර සඳහා go/kaleidoscope-not-available වෙත පිවිසෙන්න.”

මෙම පණිවිඩය වෙත redirect වීමට පෙර Chrome Story හට විශේෂාංගය සඳහා නව pages දෙකක් වෙත පිවිසීමට හැකි වී ඇති අතර පළමු Chrome Kaleidoscope පිටුවෙහි පහත පණිවිඩය සඳහන් වී ඇත.

“ඔබගේ සියලුම shows එකම ස්ථානයක, ඔබේ ප්‍රියතම shows කොතැනක සිටියත් ඔබට එක තැනකින් නැරඹීමට හැකිය. පහතින් ඔබ භාවිතා කරන සැපයුම්කරුවන් තෝරන්න.”

ඊට අමතරව Netflix, Amazon Prime Video සහ Disney+ ඇතුළු streaming services කිහිපයක්ද එම පිටුවෙහි ලැයිස්තුගත කර තිබෙනවා දැකගන්න පුළුවන්.

අවශ්‍ය streaming services තෝරාගෙන පිටුවේ පහළ ඇති Next button එක click කිරීමෙන් දෙවන page එකට redirect වන අතර එහි පහත මෙලෙස සඳහන් වනවා.

ඉහත page එකෙහි තවමත් සම්පූර්ණයෙන් කිසිවක් දැකගැනීමට හැකියාවක් නැති අතර මෙම විශේෂාංගය හඳුන්වාදීමෙන් පසුව මෙම page එකට පෙර page එකෙන් තෝරාගත් platforms වල අන්තර්ගතය ලැයිස්තුගත කරනු ඇතැයි අනුමාන කළ හැක.

විශේෂයෙන් ඔබ streaming platforms කිහිපයකට subscribe වී ඇත්නම් මෙම Chrome Kaliedoscope විශේෂාංගය බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වනු ඇති නමුත්, development තත්ත්වයේ ඇති මෙම විශේෂාංගය හඳුන්වාදීමට නියමිත කාලයක් පිළිබඳ වැඩිදුර තොරතුරු නොමැති නමුත් මේ වන විට Chrome Canary සංස්කරණයෙහි මෙම විශේෂාංගය පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බැවින්, මේ පිළිබද වැඩිදුර තොරතුරු ඉදිරි සති කිහිපය තුළ දැන ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Chrome Story වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.