Komia නම් leaker කෙනෙකු විසින් ඔහුගේ Twitter ගිණුමෙහි තබා ඇති සටහනක් අනුව, Apple සමාගම විසින් මිලෙන් අඩු smartwatch එකක් නිකුත් කරන්නට සූදානම් වන බවට වාර්ථා වෙනවා.

2021 වසර මුලදී නිකුත් වෙතැයි අපේක්ෂා කරන මෙම මිලෙන් අඩු smartwatch එක Apple watch 3 එකේ design එකට අනුව, නව hardware හා software එකතු කර නිර්මාණය කරනු ඇතැයි සඳහන් වෙනවා.

ඒ අනුව මෙම අලුත් smartwatch watch එකද නවතම S6 Processor එකකින් හා W4 wireless chip එකකින් බලගැන්වෙනු ඇති බව මොහු පෙන්වා දෙන අතර, විශේෂත්වය නම් මෙහි සඳහන් chip දෙකම මීළඟ Apple watch 6 series එක බලගැන්වීමට නියමිත chips වීමයි.

ඒ අනුව iPhone SE සේම මෙම Apple watch SE ද මිලෙන් අඩු වුවද premium device එකක ඇති performance ලබා දෙනු ඇති බව උපකල්පනය කලහැකි වෙනවා.

2021 වර්ෂයේ මාර්තු නිකුත් වෙතැයි අනුමාන කරන මෙම Smartwatch එක $199 ක පමණ ආරම්භ මිලකින් යුතු වනු ඇති බව අපේක්ෂා කරන අතර Aluminium version එකකින් පමණක් නිකුත් කරනු ඇති බව වාර්ථා වෙනවා.

නව iPhone SE ජංගම දුරකථනය ද මිලෙන් අඩු Apple උපාංගයක් වන අතර එය 100%ක්ම, iPhone 8 ජංගම දුරකථනයේ design එකට සමාන පෙනුමකින් ද,  iPhone 11 ජංගම දුරකථනයේ ඇති A13 Bionic chipset එකකින් ද යුක්ත වුණා.

මේ අනුව iPhone SE සේම, Apple උපාංග වලට කැමති, නමුත් ඒවායේ ඇති අධික මිල දරාගත නොහැකි පාරිභෝගිකයන් හට, මෙම නව මිලෙන් අඩු Apple watch SE උපාංගයද හොඳ විකල්පයක් වනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TomsGuide වෙබ් අඩවිය සහ Notebookcheck වෙබ් අඩවිය භාවිතා කළ හැක.