පසුගිය වසරේ නොවැම්බර් මාසය වන විට ලොව වේගවත්ම සුපිරි පරිගණක ද්විත්වයට හිමිකම් කීමට ඇමෙරිකාව සමත් වූ බව අප ඔබව දැනුවත් කළා මතක ඇති.

කොහොම නමුත් මෙයින් නොනැවතී 2021 වර්ෂය වන විට ඇමෙරිකාවේ ප්‍රථම Exascale, එනම් තත්ත්පරයක් ඇතුලතදී calculations quintillion එකක් (බිලියන බිලියනයක්) සිදු කළ හැකි සුපිරි පරිගණයකයක් නිර්මාණය කිරීමට සූදානම් වෙනවා.

මෙම සුපිරි පරිගණකය Intel සහ Cray Computing සමාගම් විසින් නිර්මාණය කෙරෙනු ඇති බවත්, එහි නම Aurora වන බවත් මේ වන විට නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ඇමෙරිකාවේ බළශක්ති දෙපාර්තුමේන්තුවේ ප්‍රධානී Rick Perry කටයුතු කර තිබෙනවා.

මේ හරහා ලබා ගන්න computation power එක විද්‍යාත්මක පරීක්ෂණ සඳහා machine learning වලට මෙන්ම deep learning වැනි කටයුතු සිදු කිරීමට ද භාවිතා කිරීමට බළාපොරොත්තු වන අතර, තවත් artificial intelligence application 100 කට අධික ප්‍රමාණයක් ආයතන ගණනාවක් හරහා නිර්මාණය කෙරෙමින් පවතින බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

කොහොම වුණත් මෙය අභිබවා යමින් 2020 වර්ෂය වන විට චීනය විසින් මේ ආකාරයේ exascale supercomputer එකක් නිර්මාණය කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බව වාර්ථා වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Intel වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.