Funtouch OS යනු Vivo සමාගම විසින් 2014 වසරේ සිට සිය Android ජංගම දුරකථන සඳහා භාවිතා කරනු ලබන අතුරු මුහුණතයි වන නමුත් Vivo සමාගම මේ වෙනුවට JoviOS නම් අලුත්ම අතුරු මුහුණතක් හඳුන්වා දීමට සූදානම් වෙනවා.

FunTouchOS ව්‍යාපෘති කළමණාකරු ලෙස කටයුතු කරන Ge Yanan සිය Weibo Profile එක මත සටහනක් තබමින් කියා සිටින්නේ මෙම අලුත්ම අතුරු මුහුණත Vivo X30 ජංගම දුරකථනය සමඟ නිකුත් කරන බවයි. ඒ අනුව Vivo X30 ජංගම දුරකථනය JoviOS සමඟ නිකුත් කරන පළමු දුරකථනය වනු ඇති.

කොහොම නමුත් තවමත් මෙම නවතම අතුරු මුහුණතේ Logo එක පමණක් නිකුත්ව ඇති නිසා එහි වැඩි විස්තර සඳහන් කල නොහැකි අතර එහි අඩංගු පහසුකම් පිළිබඳව Ge Yanan මහතාගේ Weibo පිටුව තුළ ද සඳහන් වන්නේ නැහැ.

එමෙන්ම වාර්තා වන පරිදි Vivo X30, Samsung සමාගමෙ Exynos 980 Chipset එක සමඟ නිකුත් කිරීමට නියමිත වන අතර 60X දක්වා Zoom කල හැකි Hybrid Zooming පහසුකම සහිත කැමරා පද්ධතියක් හා 90Hz refresh rate එකක් සහිත Super AMOLED තිරයකින් ද යුක්ත වන බව පැවසේ.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය හා Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.