Razer කියන්නේ Gaming ගැන උනන්දුවක් දක්වන ඕනම කෙනෙක් දන්න නමක් වගේම පසුගිය වසර කිහිපය ඇතුලත Gaming industry එකට විශාල වශයෙන් hardware නිෂ්පාදනය කිරීමට මොවුන් පෙළඹුණු බව කවුරුත් දන්න කාරණයක්.

කොහොම නමුත් මේ වන විට ඔවුන්ගේ Digital Game Store එක වසා දැමීමට Razer සමාගම තීරණය කර තිබෙන බව දැනගන්නට ලැබෙනවා. මේ අනුව මේ මස, එනම් පෙබරවාරි 28 වැනිදා දින මේ Game Store එක වසා දැමෙන බවට මේ Game Store එක මත නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

(Image: TechCrunch)

Razer Game Store එක ආරම්භ කරන ලද්දේ පසුගිය වසරේ, එනම් 2018 වර්ෂයේ අප්‍රේල් මාසයේ වන අතර වසරක කාළසීමාවක් ඉකුත් වී යාමටත් ප්‍රථමව මෙය වසා දැමීමට තීරණය කර තිබීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබෙනවා.

කොහොම නමුත් මෙයට හේතු වූ කාරණය පිළිබඳව නිළ වශයෙන් කිසිඳු ප්‍රකාශයක් Razer සමාගම විසින් මෙතෙක් සිදු කර නොමැති නමුත්, මීට කලින් මිලට ගන්නා ලද Games සහ Pre-Order කරනු ලැබූ Games නියමිත පරිදි අදාල පාරිභෝගිකයන් හට ලබා දෙන බවත්, Gift Vouchers ඇත්නම්, ඒවා අදාල දිනට පෙර භාවිතා කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Razer Game Store Announcement එකත්, TechCrunch වෙබ් අඩවියත්, CNET වෙබ් අඩවියත් භාවිතා කළ හැක.