Google සමාගම විසින් ඔවුන්ගේ වාර්ෂික hardware event එක මේ මස 9 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන අතර එහිදී Google Pixel 3, Pixel 3 XL සහ ඔවුන්ගේ අනෙකුත් hardware උපාංග එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

මේ එළිදැක්වීමට තිබෙන නිෂ්පාදන අතරින් එකක් වන Chromecast එකේ අලුත්ම මාදිලියක් අත්වැරදීමක් නිසාවෙන් Best Buy එක හරහා මිලදීගන්නට පාරිභෝගිකයෙකු සමත් වී තිබෙන අතර එහි photos ලබාගෙන අන්තර්ජාලයට මුදා හැරීමට ඔහු කටයුතු කර තිබෙනවා.

මොවුන්ගේ ප්‍රධාන ජංගම දුරකථන මාලව වන Google Pixel නිෂ්පාදන වලද අලුත්ම මාදිලි මේ වන විට අන්තර්ජාලය පුරා පැතිරී පවතින අතර Google සමාගමේ මීළඟ event එකේ හඳුන්වා දීමට තිබෙන නිෂ්පාදන ලැයිස්තුවෙන් දැනටමත් leak වී තිබෙන device ලැයිස්තුවට Chromecast එකත් මේ අනුව එකතු වෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර theverge වෙබ් අඩවියෙන් සහ androidpolice වෙබ් අඩවියෙන් දැනගැනීමට හැකියාව තිබෙනවා.