බැටරි ආයු කාලය ඉතාමත් වැඩි බැටරියක් නිෂ්පාදනය කිරීමේ තාක්ෂණයක් සොයාගත් චීන සමාගමක් පිළිබඳව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහන වලට ‘සැතපුම්-මිලියන ගණනක්’ ධාවනය කළ හැකි බැටරියක් නිර්මාණය කිරීමට සමත් වෙයි
Tesla, Volkswagen, BMW, Daimler, Honda, Toyota සහ Volvo මෝටර් රථ සදහා ප්‍රධානබැටරි සැපයුම්කරුවෙක් වශයෙන් කටයුතු කරන Contemporary Amperex Technology Co. Ltd.සමාගම [https://en.wikipedia.org/wiki/Contemporary_Amperex_Technology] විසින් සැතපුම් මිලියනයකට වඩා ධාවනය කළ හැකි වැඩි බලයක් සහිත බැටරියක් නිප…

Lithium-ion battery යනු මේ වන විට ජංගම දුරකථනය සිට වාහන දක්වා පමණක් නොව බැටරියක් අවශ්‍ය වන ඕනෑම ඉලෙක්ට්‍රොනික උපාංගයකට බලය සපයන ප්‍රමුඛතම බල සැපයුම් මාධ්‍ය වන බව මේ වන විටත් ඔබ දන්නා කාරණාවක් වෙනවා.

නමුත් Lithium-ion battery ඔක්සිජන් වාතය සමග ප්‍රතික්‍රියා කරන බැවින් ඒවා නිෂ්පාදන ක්‍රියාවලියේ දී මෙන්ම ප්‍රතිචක්‍රීකරණය කිරීමේ දී හා භාවිතයේදී ද වඩා සැලකිලිමත් විය යුතු වෙනවා.

Lithium-ion battery එකක් යොදා තිබූ Galaxy Note 7 ජංගම දුරකථනය ගිනි ගැනීමට ලක්වීමේ සිද්ධිය නිසාවෙන් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට Samsung සමාගමට සිදු වුණා ඔබට මතක ඇති.

මේ නිසාවෙන් මෙම battery නිශ්පාදනය ද ඉතාම පරෙස්සමින් සිදුකළ යුතු එකක් වන අතර LG, Panasonic වැනි ඉහළ පෙළේ සමාගම් වඩා ආරක්ෂිත නිෂ්පාදන ක්‍රියාවලියක් සහිත facory එකක් නිර්මාණය කිරීම සඳහා ඩොලර් බිලියන ගණනින් වැය කරනවා.

ඔන්න දැන්, Nissan Leaf Electric මෝටර් රථයේ Battery Development කටයුතු සිදුකල හා Lithium-ion battery නිෂ්පාදනය සම්බන්ධයෙන් හසල අත්දැකීම් ඇති ජපාන පර්යේෂකයෙකු වන Hideaki Horie විසින් මෙම ගැටළුවට විසඳුමක් සොයා ගැනීමට සමත් වී තිබෙන බව මේ වන විට වාර්ථා වෙනවා.

Horie ගේ innovation එක වන්නේ බැටරියේ මූලික කොටස් වන ලෝහයෙන් ආවරණය වූ electrodes සහ දියර electrolytes - resin construction එකක් සමඟ ප්‍රතිස්ථාපනය කිරීමයි.

ඔහු පවසන්නේ මෙම නව ක්‍රියාවලිය මගින් battery නිෂ්පාදනය වේගවත් සහ සරල කිරීම සිදු වන බව වන අතර, වැදගත් ම කාරණය වන්නේ මෙම නව මාදිලියේ බැටරියක් සිදුරු වුව ද එය ඔක්සිජන් වාතය සමග ප්‍රතික්‍රියා නොකිරීම හා ඒ නිසාම බැටරිය ගිනිගැනීම සිදු නොවීමයි.

මෙම නව තාක්ෂණය මඟින් 10m දිග battery sheets, ආසන සඳහා යොදා ගන්නා කුශන් මෙන් එක මත එක තැබීමට හැකි වන අතර එමගින් නිෂ්පාදන ධාරිතාව ඉහළ යන බව Horie මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Hoire විසින් 2018 වර්ෂයේ දී "all-polymer battery"(APB) නමින් බැටරි නිෂ්පාදන සමාගමක් ආරම්භ කළ අතර ඔහු පවසන්නේ මෙම නව ක්‍රමවේදය සිය නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් භාවිතා කරනු ලබන බවයි.

මේ නිසා අනාගතයේදී නිකුත් වන ඉලෙක්ට්‍රොනික උපාංග හා වාහන වල මෙම නව Resin Construction එක සහිත Lithium-ion battery දැකිය හැකිවනු ඇති අතර ඒ නිසාම මේ හා සම්බන්ධ අනාගත උපාංග වඩා ආරක්ෂාකාරී ඒවා වනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය, JapanTimes වෙබ් අඩවිය සහ MS Power User වෙබ් අඩවිය භාවිතා කළ හැක.