PlayStation store එකෙහි Hong Kong සදහා වන version එකේ අතපසුවීමක් නිසා Far Cry 6 game එකට අදාල පුර්ව ප්‍රචාරක පටයක්, එහෙමත් නැතිනම් teaser එකක් අන්තර්ජාලයට එකතු කර ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

Ubisoft ආයතනය නිළ වශයෙන් මේ පිලිබදව දැනුවත් කිරීමක් සිදුකර නොමැති නමුත් මෙය Far Cry New Dawn කතාව හා සම්බන්ද වන බව දැක්වෙන අතර Far Cry Twitter account එක හරහා මෙය තහවුරු වන ආකාරයේ tweet එකක්ද නිකුත් කර තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ මෙහි සතුරු චරිතය, එහෙමත් නැතිනම් Villain වෙනුවෙන් රංගනයෙන් දායක ඇත්තේ ඉතා ජනප්‍රිය ටෙලි කතා මාලාවක් වූ Breaking Bad හි Gus Fring චරිතයට මෙන්ම චිත්‍රපට ගණනාවක විවිධ චරිත වලට පණ පෙවූ Giancarlo Esposito වීමයි.

Esposito මෙහි Anton Castillo නමින් ඒකාධිපති පාලකයෙකුගේ චරිතයකට පණ පොවන අතර ඒ පිලිබදව PlayStation Store listing එකේ සදහන් වී තිබුනේ මෙලෙසයි.

Welcome to Yara, a tropical paradise frozen in time. As the dictator of Yara, Anton Castillo is intent on restoring his nation back to its former glory by any means, with his son, Diego, following in his bloody footsteps. Their ruthless oppression has ignited a revolution.
Giancarlo Esposito | Source: Polygon

මෙහි කතාවට පාදක වී ඇත්තේ Dani Rojas නමැති ගරිල්ලා සටන්කරුවෙක් විසින් එකාධිපති Anton ගේ හමුදාව හා තමන්ගේ රටේ නිදහස වෙනුවෙන් සිදුකරන සටන් ක්‍රියාදාමයයි.

මෙහිදී වනාන්තර තුල, මුහුදු වෙරළේ සහ නගරයන් තුල මේ සටන් ඇති අතර විවිධ ආකාරයේ ආයුධ මෙන්ම වාහන ද මේ සදහා එකතු වී ඇති බව PlayStation Store listing description එකෙහි සදහන් වී තිබෙනවා.

තවද මෙම game එක PlayStation 4 සහ PlayStation 5 සදහාද නිකුත්වන බවද සදහන් වන අතර දැනට නිකුත් වන game එක ලබාගන්නා අය සදහා මීලඟ generation update එක නොමිලේ ලබාගැනීමට හැකි බව ද වැඩිදුරටත් සදහන් වෙනවා.

මෙම Far Cry 6 game එක පිළිබඳව ජුලි 12 වන දින පැවැත්වෙන Ubisoft Forward digital event එකේදී වැඩි විස්තර ප්‍රකාශ කරනු ඇති අතර 2021 පෙබරවාරි 18 වැනි දින මෙය නිකුත්වනු ඇතැයි දැනට අනාවරණය වූ screenshot එකක සඳහන් වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Engadget වෙබ් අඩවිය සහ Polygon වෙබ් අඩවිය භාවිතා කළ හැක