Apple සමාගමේ සැපයුම්කරුවන් අතරින් Foxconn සමාගම මේ වන විට ප්‍රධානතම සැපයුම්කරුවෙක් වන බව ඔබ දැනටමත් දන්නවා ඇති.

මීළඟට නිකුත් කිරීමට නියමිත iPhone ජංගම දුරකථන වලට අවශ්‍යය කෙරෙන Display නිෂ්පාදනය කිරීම අරමුණු කරගෙන මේ Foxconn සමාගම විසින් micro-LED කියන display technology එක ගැන පරීක්ෂණ කිරීමට හා ඒ වෙනුවෙන් සිය ආයෝජන පුළුල් කිරීමට මේ වන විට කටයුතු කර තිබෙනවා.

දැනට Apple iPhone X, iPhone Xs සහ Apple Watch වල භාවිතා වෙන O-LED Display වෙනුවට Foxconn සමාගම විසින් නිෂ්පාදිත micro-LED තාක්ෂණය අනුව නිෂ්පාදිත Display භාවිතා කිරීමට යොමු කිරීම මගින් ඔවුන්ගේ ආදායම් මාර්ග පුළුල් කරගැනීම මෙහි ප්‍රධානතම බළාපොරොත්තුව ලෙස දැකිය හැකි වෙනවා.


මේ micro-LED තාක්ෂණය දැනට භාවිතයේ පවතින O-LED තාක්ෂණයේ ම මීළඟ සංස්කරණය ලෙස හැඳින්විය හැකි අතර O-LED Display වල දැනට දකින්නට ලැබෙන Pixel burn වීමේ ගැටළුව හා කාලයත් සමඟින් Brightness අඩු වී යෑමේ ගැටළුව මේ හරහා විස‍ෙඳෙනු ඇති බව විශ්වාස කෙරෙනවා.

කොහොම නමුත් මේවා නිෂ්පාදනය කිරීමට යන පිරිවැය ඉහළ වන නිසාවෙන් තවමත් අපිට මේ micro-LED තාක්ෂණය සහිත Display වැඩි වශයෙන් දකින්නට නොලැබෙන අතර මේවා මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට ද මේ වන තුරු කිසිඳු නිෂ්පාදකයෙකු හෝ සමත් වී නොමැති බව ද වාර්ථා වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 9to5mac වෙබ් අඩවිය හා Digitimes වෙබ් අඩවිය භාවිතා කළ හැක.