පළමු දින 5 ඇතුලත ඩොලර් බිලියනයක ආදායමක් ලැබූ ප්‍රථම චිත්‍රපටය ලෙස Avengers: Endgame ඉතිහාසගත වෙයි

කතුවරයා
Kasun Jayarathna
Save කරන්න
Share කරන්න

    Avengers චිත්‍රපට මාලාව මෙන්ම Marvel Cinematic Universe එක ගැන මේ වෙනකොට ලෝකය පුරාම නොදන්නා කෙනෙක් නැති බව ඔබ දන්නවා ඇති.

    මේ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය වන Avengers: Endgame චිත්‍රපටය මුල් වරට නිකුත් කළ දින සිට දින 5ක් ඇතුලත ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ආදායමක් ලැබීමත් සමඟින් මේ වන විට Box office වාර්ථාවක් තබා තිබෙන බව වාර්ථා වෙනවා.

    මේ අතරින් ඩොලර් මිලියන 350ක් ඇමෙරිකාව ඇතුලත දර්ශන වලින් ලබාගෙන ඇති අතර තවත් ඩොලර් මිලියන 859ක් ලොව පුරා පිහිටා ඇති Marvel Studios franchise වලින් ලැබී තිබෙනවා.

    මීට කලින් නිකුත් කළ Avengers:Infinity War චිත්‍රපටයට මේ බිලියනයක ආදායම් වාර්ථාව පසු කිරීම සඳහා දින 11ක් ගතවූ අතර Avengers: Endgame චිත්‍රපටය මේ වන විටත් ඒ සීමාව වාර්ථාගත ලෙස පසුකර යෑමට සමත් වී තිබෙනවා.

    මේ අනුව Marvel Cinematic Universe එක මත පදනම් වූ චිත්‍රපට 22ක් අතුරින් ඩොලර් බිලියන 19.9ක මුදලක් උපයාගැනීමට මොවුන් සමත්වී තිබෙන අතර මෙයින් ඩොලර් බිලියන 6.2ක ආදායමක් ඉපයීමට Avengers චිත්‍රපට 4 පමණක් සමත් වී තිබෙනවා.

    මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා TechCrunch වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.