Quantum super-positions ගැනත්, භෞතික විද්‍යාඥයින් විසින් නව Quantum කාළ රාමුවක් සොයාගැනීමට සමත් වූ බවත් පසුගිය සැප්තැම්බර් මාසයේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

භෞතික විද්‍යා‍ඥයින් විසින් නව Quantum කාල රාමුවක් සොයාගැනීමට සමත් වෙයි
Quantum super positions [https://en.wikipedia.org/wiki/Quantum_superposition],එහෙමත් නැතිනම් එකම අවස්ථාවකදී තරංගයක් ලෙසත්, අංශුවක් ලෙසක් පෙනී සිටීමට ඇතිහැකියාව, Quantum භොතික විද්‍යාවේ මූලික සිද්ධාන්ත වලින් එකක් බව ඔබ මේ වන විටත්දන්නවා ඇති. (ඒ ගැන දන්නේ නැති නම්, පහළ ඇති වීඩියෝව නරඹා ඉන් පසුව ලි…

ඔන්න දැන්, Google සමාගම විසින් Quantum computing තාක්ෂණය ප්‍රායෝගික භාවිතයට ගතහැකි මට්ටමට ගෙන එමින් මේ quantum තාක්ෂණයේ තවත් පියවරක් ඉදිරියට තබන්නට සමත් වී ඇති බව වාර්ථා වෙනවා.

බොහෝ කාලයක් තිස්සේ quantum computing ගැන පරීක්ෂණ පැවැත්වීමට ලොව පුරා විශ්වවිද්‍යයාල මෙන්ම Google, Intel, IBM වැනි විශාල සමාගම් රාශියක් කටයුතු කළ අතර මේ වන තුරු එය අනාගතයේදී භාවිතා කළ හැකි වනු ඇති තාක්ෂණයක් ලෙස හඳුන්වාදීමට බොහෝ දෙනා කටයුතු කළා.

කොහොම නමුත් මේ වන විට Google සමාගම විසින් සිදු කළ පරීක්ෂණයන් වල ප්‍රතිපල අනුව මේ වන විට නිපදවා ඇති ලොව වේගවත්ම සුපිරි පරිගණකය හරහා වසර 10,000ක් පමණ තිස්සේ සිදු කළ යුතු වන ගණනය කිරීම් ප්‍රමාණයක් තත්ත්පර 200ක් වැනි කාලයකින් සිදු කළ හැකි අන්දමේ quantum processor එකක් නිර්මාණය කිරීමට ඔවුන් සමත් වී තිබෙනවා.

මේ chip එක Sycamore යන නමින් හඳුන්වනු ලබන අතර, එය qubit 54කින් සමන්විත වෙනවා. Quantum computing සහ සාමාන්‍යය පරිගණකයක භාවිතා වන computing ක්‍රමය අතර මේ අති විශාල වෙනසට හේතුව Quantum computer එකකදී parallel processing, එහෙමත් නැතිනම් එකම අවස්තාවකදී ගණනය කිරීම් විශාල සංඛ්‍යාවක් සිදු කළ හැකි වීමත්, සාමාන්‍යය පරිගණකයකදී එකක් පිටුපස එකක්, එහෙමත් නැතිනම් serial processing ලෙස ගණනය කිරීම් සිදු කිරීමයි.

Sycamore processor එක

Quantum computing වල ආධිපත්‍යය, එහෙමත් නැතිනම් quantum supremacy එක ලබාගැනීමට Google සමාගම සමඟින් කරට කර තරඟ වදින IBM සමාගම විසින් Google සමාගමේ මේ නිළ නිවේදනය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, Google සමාගමේ ගණනය කිරීම් නිවැරදි නොවන බවත්, සාමාන්‍යය supercomputer එකක් හරහා අදාල ගණනයකිරීම් සිදු කිරීමට වසර 10,000ක් ගත නොවන බවත්, එම කටයුත්ත දින 2.5කින් පමණ සිදු කළ හැකි බවත් ය.

On “Quantum Supremacy” | IBM Research Blog
Recent advances in quantum computing have resulted in two 53-qubit processors
IBM සමාගමේ නිවේදනය

IBM සමාගම ද ලොව ප්‍රථම commercial quantum computing system එක ලෙස හඳුන්වමින් qubit 20ක් මගින් operate වන quantum computing පද්ධතියක් පසුගිය ජනවාරි මාසයේදී එළිදැක්වීමට කටයුතු කළ අතර එය IBM Q System One නමින් හැඳින්වුණා.

කෙසේ වුවත් එය ප්‍රායෝගික භාවිතයට ගෙන ඒමට තවත් දිගු කාලයක් ගතවනු ඇති බවත්, තවමත් එය prototype එකක් ලෙස පමණක් සැළකිය හැකි බවත් බොහෝ විද්‍යාඥයින් පෙන්වා දී තිබුණා.


කොහොම වුවත්, මේ වන විට ප්‍රායෝගිකව භාවිතා කළ හැකි මට්ටමේ chip එකක් ආකාරයෙන් මෙය නිෂ්පාදනය කිරීමට සමත්වීම හරහා Google සමාගම අනෙකුත් සමාගම් අභිබවා ගොස් ඇති අතර මෙය computing තාක්ෂණයේ විශාල පියවරක් ඉදිරියට තැබීමක් ලෙස පෙන්වාදිය හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක, Google AI Blog එක, Nature.com වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා IBM Blog එක භාවිතා කළ හැක.