Apple සමාගම විසින් Self-driving system එකක් සහිත ඔවුන්ගේම මෝටර් රථයක් එළිදැක්වීමට සූදානම් වන බව Reuters වෙබ් අඩවිය විසින් මේ වන විට වාර්තා කර සිටින අතර මෙය 2024 වර්ෂයේදී පමණ එළිදක්වනු ඇතැයි අනුමාන කරනවා.

Apple සමාගමේ ව්‍යාපෘතියක් වූ Project Titan, එහෙමත් නැතිනම් ස්ව්‍යංක්‍රීයව ධාවනය වන මෝටර් රථයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව මුලින්ම තොරතුරු වාර්තා වූයේ 2015 වර්ෂයේ පමණ වන අතර 2018 වසරේ Tesla සමාගමේ ප්‍රධාන මෝටර්රථ ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය කළ Doug Field මහතා ද Apple සමාගමට බඳවාගැනීමට කටයුතු කරනු ලැබුවා.

කොහොම නමුත් ඔහු මෙම ව්‍යාපෘතිය භාර ගැනීමෙන් අනතුරුව මෙහි සේවය කළ සේවකයින් විශාල සංඛ්‍යාවක් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබූ බව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

Apple සමාගමේ Autonomous Car ඒකකයෙන් සේවකයන් 200 දෙනෙකු ඉවත් කිරීමට කටයුතු කරයි
Apple සමාගමේ ව්‍යාපෘතියක් වූ Project Titan[https://en.wikipedia.org/wiki/Apple_electric_car_project], එහෙමත් නැතිනම්ස්ව්‍යංක්‍රීයව ධාවනය වන මෝටර් රථයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියෙන් සේවකයන් 200කටඅධික ප්‍රමාණයක් ඉවත් කිරීමට ඔවුන් කටයුතු කර ඇති බව මේ වන විට දැනගන්නට ලැබෙනවා. පසුගිය වසරේ ජූලි මාසය …

කොහොම නමුත් මෙයින් පසුව මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය ඉහළ ගිය බව වාර්තා වන අතර මේ හරහා නිර්මාණය කරනු ලබන මෝටර් රථය robo-taxi සේවාවන් නිර්මාණය කිරීම සඳහා භාවිතා කිරීම ඉලක්ක කරගෙන නිර්මාණය කරන බව Reuters වෙබ් අඩවිය වාර්තා කරනවා.

එමෙන්ම Apple සමාගම සතු විප්ලවකාරී අලුත්ම battery technology එකක් ද මෙම මෝටර් රථය සඳහා භාවිතා කිරීමට නියමිත වන බවත්, ඒ හරහා අඩු වියදමකින් වැඩි දුරක් ධාවනය කිරීමට මෙම රථ වලට හැකියාව ලැබෙනු ඇති බවත් වාර්තා වෙනවා.

Google ආයතනයේ මව් සමාගම වන Alphabet ආයතනය සතුව ඇති Waymo ව්‍යාපෘතිය මීට සමාන වන අතර එයද autonomous driving technology එකක් පිළිබඳව සක්‍රීයව පරීක්ෂණ සිදු කරමින් සිටිනවා.

Home – Waymo
Waymo—formerly the Google self-driving car project—stands for a new way forward in mobility. Our mission is to make it safe and easy for people and things to move around.

මේ අනුව 2024 වර්ෂය පමණ වන විට මෙම මෝටර් රථය එළිදැක්වීමට කටයුතු කරනු ඇති අතර ඒ හරහා රියදුරන් නොමැති Taxi සේවාවන් ලොව පුරා ව්‍යාප්ත වනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය වෙබ් අඩවිය සහ Reuters වෙබ් අඩවිය භාවිතා කළ හැක.