Apple සමාගම විසින් පසුගිය ජුනි මාසයේදී පැවැත්වූ WWDC event එක අතරතුරදී ප්‍රකාශ කළ අන්දමට iOS 13 සමඟින් iPhone වල තිබෙන Apple Siri හා HomePod හරහා සජීවීව Radio channel වලට සවන්දීමේ හැකියාව මේ වන විටත් ලබා දීමට කටයුතු කර ඇති බව වාර්ථා වෙනවා.

මේ අනුව ලොව පුරා Radio station 100,000 කට අධික ප්‍රමාණයකට සජීවීව සවන්දීමේ හැකියාව ලැබෙන අතර TuneIn, iHeartRadio සහ Radio.com යන සේවාවන් හරහා මෙය ක්‍රියාත්මක වන බව Apple සමාගම ප්‍රකාශ කරනවා.

මේ සඳහා “play radio station [Radio station එකේ නම]” ලෙස Siri හෝ HomePod එකට විධාන කළ විට “Playing [Radio station එකේ නම], provided by [සේවාව සපයන්නාගේ නම].” ලෙස පිළිතුරු ලැබෙන අතර අදාල radio station එකට සවන්දීමේ හැකියාව ද ලැබෙනවා.

මීට අමතරව Music app එක හරහා මෙය පාලනය කළ හැකි අතර එහි ඇති search පහසුකම භාවිතා කරමින් අවශ්‍යය radio channel එකක් සොයා ගැනීමට ද අවස්ථාව තිබෙනවා.

කොහොම නමුත් Siri හරහා සිදු කරන විමසීමේදී ‘radio station’ යන වචන දෙක අන්තර්ගත නොවුනහොත් Apple Music වල search කිරීමකට යොමු වන බවත්, ඉදිරියේදී නිකුත් වන updates සමඟින් එය fix කරනු ඇති බවත් විශ්වාස කෙරෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5mac වෙබ් අඩවිය, Mac Rumors වෙබ් අඩවිය හා Phone Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.