Apple සමාගම විසින් ඔක්තෝම්බර් මාසයේදී නව subscription bundles කිහිපයක් හඳුන්වාදීමට සූදානමින් සිටින බව Bloomberg වෙබ් අඩවිය පෙන්වා දෙනු ලබනවා.

මේ වන විට මෙම bundles "Apple One" ලෙස හඳුන්වනු ලැබුවත් මීළඟ ඔක්තෝම්බර් මාසයේදී මෙම සේවාව එළිදක්වන අවස්ථාව වන විට, ඒ සඳහා වෙනත් නමක් භාවිතා කිරීමට හැකියාවක් පවතින බවත් ඔවුන් වැඩිදුරටත් වාර්ථා කරනවා.

මේ හරහා Apple පරිශීලකයින් හට Apple digital services කිහිපයකට එක් වර subscribe වීමේ හැකියාව ලැබෙනු ඇති අතර, එම subscriptions තනි තනිව මිලදීගන්නවාට වඩා අඩු මුදලක් වැය කරමින් මෙම bundle එකක් භාවිතා කිරීමේ හැකියාව ඇති බව වාර්ථා වෙනවා.

මෙම Apple One subscription bundles සඳහා විවිධ tiers දැකගැනීමට හැකියාව ඇති අතර මූලික පැකේජයකට Apple Music සහ Apple TV+ ඇතුළත් වෙනවා. එමෙන්ම තරමක් මිල අධික variation එකකින් මේ සඳහා Apple Arcade එක් වනු ඇති අතර මීළඟ tier එකට Apple News+ සේවාව ද එකතු වෙනවා. ඉන් පසුව iCloud storage ඇතුළත් තරමක් මිල අධික bundle එකක් ද ඇතුලත් වෙනවා.

මෙහිදී Apple One වෙතට AppleCare සහාය මේ සඳහා ඇතුළත් කරනු ඇතැයි අපේක්ෂා නොකරන බව Bloomberg වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරනු ලබනවා.

මෙම subscription bundles පහසුකම Apple සමාගමේ Family Sharing system එකත් සමග කටයුතු කරනු ඇති අතර එමගින් මෙම සේවාව පුද්ගලයින් හය දෙනෙකුට භාවිතා කිරීමට හැකියාව හිමි වෙනවා. අදාල පරිශීලකයා තෝරාගත් bundles මත පදනම්ව, මසකට ඩොලර් 2 සිට ඩොලර් 5 දක්වා මුදලක් මෙමගින් ඉතිරි කර ගැනීමට හැකි බව අපේක්ෂා ‍කරනු ලබනවා.

2019 අග භාගයේදී, Apple සමාගම විසින් සිසුන් සඳහා Apple Music සහ Apple TV‌+ සහිත මේ ආකාරයේ bundle එකක් නිර්මාණය කිරීම අත්හදා බැලීමට ද කටයුතු කරනු ලැබුවා.

‌iPhone‌, iPad සහ ‌Apple TV සඳහා app එකක් හරහා භාවිතා කළ හැකි virtual fitness classes සඳහා Apple සමාගම විසින් නව සේවාවක් සංවර්ධනය කරන බව විශ්වාස කෙරෙන අතර මෙම fitness service එක ඉහළ මට්ටමේ subscription bundle එකක් ඔස්සේ හදුන්වාදීමට ද කටයුතු කරනු ඇත.

දැනට වාර්ථා වන තොරතුරු අනුව මෙහි internal codename එක "Seymour" ලෙස නම් කර ඇති අතර මෙම workout service එක Nike වැනි අය විසින් පිරිනමනු ලබන virtual classes වලට සමාන ලෙස ක්‍රියාත්මක වනු ලැබෙනවා.

Subscription services හදුන්වාදීම පිටුපස ඇති මූලික අභිප්‍රාය වනුයේ Apple services කිහිපයකට subscribe වීමට සිය පාරිභෝගිකයින් උනන්දු කරවීම වන අතර විශේෂයෙන් Apple News‌+ සහ ‌Apple TV‌+ සේවාවන් සැලකිය යුතු වර්ධනයක් පෙන්වා නොමැති බැවින් bundling subscriptions මගින් එහි ග්‍රාහකයින් සංඛ්‍යාව වර්ධනය කිරීමට සමාගම කටයුතු කරනු ලබන බව දැකගත හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Mac Rumors වෙබ් අඩවිය, Bloomberg වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.