Corona වයිරසය පිළිබඳව වැරදි තොරතුරු ප්‍රචාරය වීමට විසදුමක් ලෙස WhatsApp ආයතනය විසින් අප්‍රේල් මස මුලදී මෙම message forwarding පහසුකමට limit එකක් හදුන්වා දීමට කටයුතු කරනු ලැබුවා.

මීට පෙර WhatsApp වලදී පස්දෙනෙකු දක්වා messages forward කිරිමට හැකියාව තිබුණු අතර මේ අලුත් limit එකත් සමඟින්, දැන් forward කළ හැක්කේ වරකට එක් පුද්ගලයෙකුට හෝ එක් group එකක් සදහා පමණි.

Forward කරනු ලබන messages වල ප්‍රයෝජනවත් බව හෝ හානිකර බව පිළිබඳව තීරණය කළ නොහැකි වුවත් මේ හරහා WhatsApp හරහා fake news පැතිරී යාම 70%කින් පමණ පහත වැටී තිබෙන බව TechCrunch වෙබ් අඩවිය මේ පිළිබඳව ලිපියක් පළ කරමින් අනාවරණය කර තිබෙනවා.

වැරදි ප්‍රචාර පැතිරිම අඩු කිරිම සදහා WhatsApp සමාගම වෙනස් කම් හදුන්වා දුන් පළමු අවස්ථාව මෙය නොවන අතර 2018 දී, ඔබට පණිවිඩයක් ලැබුනු පසු එය forward කරන ලද message එකක් නම් "Forwarded" ලෙස label එකක් යෙදීම ද, පසුගිය වසරේදි messages forward කිරිමේ හැකියාව උපරිම වශයෙන් පුද්ගලයන් 5 දෙනෙකු සදහා පමණක් වන ලෙස ද  සිමා කරන ලදී.

Coronavirus වසංගතය පිළිබඳව අලුත්ම තොරතුරු දැනගැනීමට Facebook, Google සහ Microsoft සමාගම් විසින් තමන්ගේ සේවාවන් ලබාදෙයි
ලොව පුරා සීග්‍රයෙන් පැතිර යාම හේතුවෙන් COVID-19 වෛරසය වසංගත තත්ත්වයක් ලෙස නම්කිරීමට කටයුතු කළ අතර මේ වේගයෙන්ම මේ පිළිබඳව වැරදි තොරතුරු, කටකතා ආදිය දසීග්‍රයෙන් පැතිර යනු දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම සමාජ ජාල භාවිතයෙන් පැතිර යන මේ වැරදි තොරතුරු විශාල වශයෙන් දකින්නටලැබෙන නිසාවෙන් නිවැරදි තොරතුරු ලබා…

මීට අමතරව මෙම වසරේදී COVID-19 වසංගතය පිළිබඳ සත්‍ය තොරතුරු සැපයීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ Bot කෙනෙකු හරහා නිළ තොරතුරු ලබාදීමේ වැඩපිළිවෙලක් ද ඉදිරිපත් කිරීමට මොවුන් කටයුතු කරනු ලැබුවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Tech Crunch වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය වෙබ් අඩවිය භාවිතා කළ හැක.