ඔයා දැන් internet බාවිතා කරන්න පටන් අරන් අවුරුදු 10ක් විතර වෙනවා නම් Yahoo Messenger කියන්නේ මොන තරම් වැදගත් instant messaging client වුණාද එකක් ද කියලා අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ.

Google Talk, Skype සහ Yahoo Messenger කියන්නේ එකම batch එකේ යාළුවෝ වගේ apps 3ක්. නමුත් දැනට අවුරුදු කිහිපයකට කලින් Google Talk එකත් අපෙන් සමුගත්තා. ඔන්න ඒ වගේම Skype එක විතරක් තනි කරලා, දශකයකට අධික කාලයක් තිස්සේ යහළුවන්, office වල වැඩ කරන අය වගේම පවුලේ අය එකිනෙකා සම්බන්ධ කරපු, දිනපතා භාවිතා කරපු මේ Yahoo Messenger එකත් ඔන්න අවසන් ගමන් යන්නයි හදන්නේ.

මේ එන ජූලි මාසයේ 17 වෙනිදා සිට තමයි මේ Yahoo Messenger එක නවත්වා දමන්න Yahoo සමාගම තීරණය කරලා තියෙන්නේ. ඔයා Yahoo Messenger තාමත් බාවිතා කරන කෙනෙක් නම් ඔයාට ඒ වෙනකන් අවස්ථාව තියනවා ඔයාගේ අවශ්‍යයතාවයට ගැලපෙන විදිහේ messaging app එකක් තෝරගන්න.

ඒ වගේම මතක තියාගන්න ඕන දෙයක් තමයි, 17 වෙනිදායින් පසුව ඔයාගේ chat messages ටික ඔයාට බලන්න බැරි වෙනවා. ඉතින් මොනවාහරි වැදගත් දේවල් තියනවා නම් දැන්ම ඒවා Backup කරගන්න එක වටිනවා. ඉතින් මේ backup කරගැනීම පහසු වෙන්න Yahoo ලා නිර්මාණය කරලා තියනවා ඔයාගේ data ටික download කරගන්න පුළුවන් විදිගේ ක්‍රමයක්. මේ download request site එකට ගිහින් ඔයාට ඒක පහසුවෙන්ම කරගන්න පුළුවන්.

Yahoo ලා මීට අදාලව නිතර අසන ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු ලබා දීලා තියනවා. මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් මේ F.A.Q page එකට ගිහින් බලන්න පුළුවන්.


Yahoo Squirrel

Yahoo ලා මේ Yahoo Messenger එක නවත්වන්න තීරණය කරලා තියෙන්නේ අත්තටම ඒක දැනට තියන අනෙකුත් messaging apps එක්ක බැළුවම ගොඩක් පිටුපසින් සිටින නිසාවෙනුයි. ඔයාලට මතක ඇති Google Talk නැති වුණාම ඒ වෙනුවට Google Hangouts ආවා.

අන්න ඒ වගේ Yahoo ලත් මේ වෙනකොට අලුත් messaging app එකක් නිර්මාණය කරමින් ඉන්නවා. ඒ තමයි Yahoo Squirrel කියලා කියන්නේ. නමුත් තාමත් මේක නිර්මාණය කරමින් පවතින නිසා beta කියන testing අවස්ථාවේ තමයි තියෙන්නේ. ඉතින් invite එකක් නැතිව ඒක බලන්න අවස්ථාවක් තාමත් අපිට ලබාගන්න විදිහක් නැහැ.

ඉතින් මේ අලුතින් එන Yahoo Squirrel එකට දැනට messaging ලෝකයේ කිරුළ දරාගෙන ඉන්න Facebook Messenger, Skype, Google Hangouts වගේ දැවැන්තයන්ව පරදන්න පුළුවන් වේවිද කියලා අපි බලමු.