Apple සමාගම විසින් ඔවුන්ගේ Apple One service bundle එක පිළිබඳව සැප්තැම්බර් මාසයේ පැවති event එකකදී නිවේදනය කළ අතර මේ හරහා Apple services කිහිපයක් සඳහා, අඩු මුදලක් වැය කරමින් subscribe වීමට හැකියාව ලැබෙනවා.

මෙම සේවාවේ Individual, Family සහ Premier ලෙස විවිධ bundle tiers තුනක් දැකගැනීමට හැකියාව ලැබෙන අතර Individual plan එක භාවිතා කරන පරිශීලකයන් හට මසකට ඩොලර් 14.95ක මුදලකට Apple Music, Apple TV+, Apple Arcade සහ 50GB iCloud storage එකක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

මෙහි Family plan එක භාවිතා කරන පරිශීලකයන් හට මසකට ඩොලර් 19.95 කට 200GB iCloud storage එකක් මෙන්ම, Apple Music, Apple TV+, Apple Arcade සේවාවන් ලබාගැනීමට හැකි වන අතර මෙම සේවාවන් තවත් සාමාජිකයන් පස්දෙනෙකු අතර share කරගැනීමේ හැකියාවද හිමිවෙනවා.

Premier plan එකට subscribe වන පරිශීලකයන් හට මසකට ඩොලර් 29.95 කට Apple Music, Apple TV+, Apple Arcade, Apple News+, Fitness+ යන සේවාවන් සහ 2TB iCloud storage එකක් ලැබෙන අතර මෙම සේවාවන් තවත් සාමාජිකයන් පස්දෙනෙකු අතර share කරගැනීමේ හැකියාවද හිමිවෙනවා.

Apple One
Apple One bundles your Apple services into one low monthly payment. It’s the best way to enjoy Apple Music, Apple TV+, Apple Arcade, iCloud, and more.
නිළ Apple One page එක

මෙම සේවාවන් වෙන වෙනම මිලදී ගැනීමට සාපේක්ෂව Individual plan එකක් හරහා මිලදී ගැනීමේදී මසකට ඩොලර් 6 ක ඉතිරියක් ලැබෙන අතර Family plan එක මඟින් මසකට ඩොලර් 8 ක ඉතිරියක් ලබාදෙනවා.

එමෙන්ම Premier plan එක මඟින් එක් එක් සේවාව වෙන වෙනම මිලදී ගැනීමට සාපේක්ෂව පාරිභෝගිකයන් හට මසකට ඩොලර් 25 ක පමණ ඉතිරියක් ලබාදෙන බව Apple සමාගම පෙන්වා දෙනවා.

මෙහි Premier plan එකත් සමඟ ලැබෙන Fitness+ සේවාව යනු Apple සමාගමෙහි නවතම personalized fitness platform එක වන අතර ඒ හරහා විවිධාකාර workouts මෙන්ම Apple Watch එක සඳහා ද integration සපයනවා.

කෙසේ වෙතත්, Fitness+ සේවාව තවමත් Apple One service bundle එක සඳහා ලබාගැනීමට හැකියාවක් නොමැති අතර එම සේවාව මෙම වසර අගදී නිකුත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

Apple සමාගම විසින් Apple One සේවාව සඳහා මාසයක free trial එකක් ලබාදෙන අතර එම free trial එකෙන් පසුව ගිණුම් හිමියන්ට මාසිකව අදාල plan එකෙහි මුදල ගෙවීමට හෝ එම සේවාවෙන් ඉවත් වීමට සිදු වෙනවා.

Apple One සේවාවෙහි Individual සහ Family plan රටවල් 100 කට අධික සංඛ්‍යාවකට ලබාදී ඇති අතර Premier plan එක එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව යන රටවල සිටින පරිශීලකයන් සඳහා පමණක් ලබාගැනීමට හැකියාව ලබාදී තිබෙන බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය සහ macrumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.