Samsung සමාගම විසින් Samsung galaxy S7 හා S7 Edge flagship series එක නිකුත් කරන ලද්දේ 2016 මාර්තු මසදී වන අතර එය එළඹෙන 2021 මාර්තු මාසය වන විට සම්පූර්ණයෙන්ම වසර 5 ක් පමණ පැරණි ජංගම දුරකථන මාදිලියක් වෙනවා.

සාමාන්‍යයෙන් අලුත් Samsung flagship ජංගම දුරකථන සඳහා වසර 3 ක් දක්වා වූ ප්‍රධාන Android OS update හා වසර හතරක් දක්වා වූ security patch හා bug fixs වැනි දේ සඳහා updates ලබාදීම සිදු කෙරෙනවා.

නමුත් මෙම S7 Series එක මේ වන විට මෙම සුදුසුකම් දෙකම ඉක්මවා ගොස් තිබෙන අතර එනම් 2020 මාර්තු වලින් පසුව මෙම series එක සඳහා කිසිඳු ආකාරයක update ලබාදීමක් සිදු වන්නේ නැහැ.

එසේ එය වුවත්, Galaxy S7 series එක සඳහා 2020 සැප්තැම්බර් මාසයට අදාළ security patch update එක ලබාදීමට Samsung සමාගම කටයුතු කර තිබෙන අතර, එය දැනට US හා Europe රටවල් වල සිටින සියලුම පරිශීලකයන් හට නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම මෙම update එක ඉදිරි කාලයේදී ලොව පුරා සිටින සියළුම S7/S7 Edge පරිශීලකයන් හට ද ලබාදීමට නියමිත බව දැනගන්නට ලැබෙනවා.

Updates ලැබීමට නියමිත කාලසීමාව ඉක්මවාගිය දුරකතන මාදිලියකටත් update එකක් ලබාදීම සුවිශේෂී කරුණක් වන අතර Samsung සමාගම විසින් සිය flagship උපාංග සඳහා update ලබාදීමේ මුහුණුවර වෙනස් කර තිබෙන බව මෙයින් ගම්‍යමාන වෙනවා.

Huawei සමාගමද පසුගිය දා සිය වසර 5ක් පැරණි Mate 8 series එක සඳහා update එකක් ලබාදුන් අතර එම මාදිලියද සුදුසුකම් ලත් කාලය අවසන් වූ මාදිලියක් වීම විශේෂත්වයක් වෙනවා.

කොහොම වුණත් සමස්ත ජංගම දුරකථන වෙළදනාම අතරින් Apple සමාගම තවමත් update ලබාදීම යන කාරණාවේදී ඉදිරියෙන් සිටින අතර ඔවුන් විසින් iOS 14 update එක සිය වසර 6 ක් පැරණි iPhone 6s ජංගම දුරකථනය සඳහා ද ලබාදීමට කටයුතු කරනු ලැබුවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා SamMobile වෙබ් අඩවිය, Android Authority වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.