දේශ සීමා ගැටලුවක් මුල් කර ගෙන පසුගිය දිනක චීනය සහ ඉන්දියාව අතර ඇති වූ මතභේදාත්මක තත්වය පිළිබඳ ඔබ දැනටමත් දන්නවා ඇති.

මෙම තත්වය හේතුකරගෙන ඉන්දියාව විසින් චීනය පදනම් කරගත් Mobile App 50 කට අධික ප්‍රමාණයක් ඉන්දියාව තුළ තහනම් කරන ලද අතර අපි මීට පෙර ලිපියකින් ඒ පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඔබ වෙත ගෙන ආ බව මතක ඇති.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් TikTok, Share It, UC Browser ඇතුලු apps 59 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දියානු රජය කටයුතු කරයි
ඉන්දියාව සහ චීනය අතර පසුගිය දින වල දේශ සීමා නිසාවෙන් ඇතිවී තිබුණු උණුසුම්තත්ත්වය පිළිබඳව ඔබ මේ වන විටත් දැනුවත් ඇති. ඔන්න දැන් ඉන්දියාව විසින් ඔවුන්ගේ රටේ ආරක්ෂ‍ාව වෙනුවෙන් චීනය විසින් නිෂ්පාදනය කළapps 59ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට කටයුතු කර ඇති අතර එරට තුළ මෙන්ම ලොව පුරාඉතාමත් ජනප්‍රිය TikTok,…

එයින් නොනැවතී ඉන්දියාව විසින් චීනයෙන් ලැබෙන සැපයුම් ද අවහිර කරමින් සිටින අතර මෙය ඉන්දියාව තුළ නිෂ්පාදන කටයුතු සිදු කරන Apple ඇතුළු අනෙකුත් තාක්ෂණික සමාගම් වලට විශාල අර්බුදයක් ඇති කර තිබෙන බව වාර්ථා වෙනවා.

මෙම තත්ත්වය නිසා Apple සමාගමට ඉන්දියාව තුළ සිදු කරන සිය iPhone නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතර කිරීමට සිදුව ඇති අතර ඉන්දියාව තුළ පිහිටුවා ඇති Foxcon කර්මාන්ත ශාලා දෙකක් මගින් සිදු කරනු ලබන iPhone නිෂ්පාදනය ඇනහිටීම නිසාවෙන් සිය ගණනක් වූ සේවකයින් හට පසුගිය සතියක පමණ කාලය තුළ රැකියාව අහිමි වී ඇති බවත් වාර්ථා වෙනවා.

මේ ආකාරයෙන් Foxconn India සමාගමට අයත්, smartphone components මෙන්ම අනෙකුත් electronic parts ඇතුලත් වන shipments 150ක් පමණ චෙන්නායි වරාය තුල සිරවී ඇති අතර තමිල්නාඩුවේ හා ආන්ද්‍රා ප්‍රදේශ් වල පිහිටා ඇති Foxconn කර්මාන්ත ශාලා වල Apple හා Xiaomi යන සමාගම සිය නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබනවා.

ඇමරිකාව සහ චීනය අතර මේ වන විට ඇති වෙලඳ අර්බුදය නිසා Apple සමාගම සිය නිෂ්පාදන කටයුතු ටිකෙන් ටික ඉන්දියාව වෙත රැගෙන යමින් සිටින බව අපි මීට පෙර ලිපියකින් ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති.

චීනයේ සිදුවන iPhone නිශ්පාදනයෙන් 20% ක් පමණ ඉන්දියාවට ලබාදීම කෙරෙහි Apple සමාගමේ අවධානය යොමු වෙයි
මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ චීනයේ සිදු කරනු ලබන iPhone නිෂ්පාදනයෙන් 20%ක පමණප්‍රමාණයක් ඉන්දියාවට ගෙන ඒම අරමුණු කරගෙන Apple සමාගමේ නිළධාරීන් පිරිසක් සහඉන්දියානු රජයේ ඉහළ නිළධාරීන් පිරිසක් අතර හමුවක් පැවති බව ප්‍රසිද්ධ ඉන්දියානුප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන The Economic Times[https://tech.economictimes.indiatimes.com/news/mobile/apple-may-take-a-bigger-bite-of-indias-manufacturing-pie/75666667…

එම පසුබිම තුළ ඉන්දියාවේ නිෂ්පාදන කටයුතු වලටද බාධා එල්ල වීම Apple සමාගමේ අනාගත නිෂ්පාදනයන් සඳහා දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවට බොහෝ දෙනා මත පළ කරනු ලබනවා.


ඊයේ දිනය වන විට මේ ඇති වී තිබුණු තත්ත්වය මේ වන විට සාර්ථකව විසඳාගැනීමට හැකියාව ලැබුණු බව Reuters වෙබ් අඩවිය විසින් වාර්ථා කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GizmoChina වෙබ් අඩවිය, Reuters වෙබ් අඩවිය සහ 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.