පසුගිය සති කිහිපය පුරාවට YouTube සමාගම විසින් YouTube Music වෙත නව පහසුකම් කිහිපයක්ම හඳුන්වාඳීමට කටයුතු කළ අතර "Related tab" එක සහ අලුත් Explore tab එක එම පහසුකම් අතර වුණා.

Android සහ iOS පරිශීලකයින් සඳහා YouTube Music app එකට අලුත් Explore tab එක නිකුත් කිරීමට YouTube ආයතනය කටයුතු කරයි
YouTube Music වල ඇති ‘Hotlist’ එක වෙනුවට ‘Explore’ tab එක හදුන්වා දීමට YouTubeආයතනය සූදානම් වෙමින් සිටින බව මීට දින කිහිපයකට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති. ඔන්න දැන් මේ feature එක iOS සහ Android මත YouTube Music app එක භාවිතා කරනු ලබනසියළුම පරිශීලකයින් සඳහා ලබාදීමට YouTube ආයතනය කටයුතු කරමින් ස…

මේ වන විට YouTube Music පරිශීලකයින් හට ලැබෙන අලුත්ම feature එක වන්නේ පරිශීලකයින්ගේ පුද්ගලික රුචිය අනුව නිර්මාණය කෙරෙනු ලැබෙන mix playlists එනම්, Chill Mix, Workout Mix, Energy Mix සහ Focus Mix යනුවෙන් නවතම playlists හතරක් හඳුන්වාඳීමයි.

ඉහත සඳහන් කළ නව playlists හතරම සෑම සඳුදා දිනකම නව ගීත එක්වෙමින් update වීමක් සිදු වන නමුත් දැනට, YouTube Music dashboard එක හරහා සෘජුවම මෙම අලුත් playlists සඳහා පිවිසිමට නොහැකිය.

පළමුව ඉහත link හරහා ගොස් මෙම අලුතින් හඳුන්වා දුන් playlist අතරින් කැමති playlist තෝරාගෙන ඒවා තමන්ගේ music library එකෙහි save කිරීමෙන් අනතුරුව මේ අලුත් playlists සාමාන්‍යය playlist එකක් මෙන් භාවිතා කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

Google Play Music වල ඇති ගීත YouTube Music වලට සෘජුවම Transfer කිරිමට හැකියාව ලබා දෙයි
Google Play Music service එක මේ වසර අවසානය වන විට නවතා දැමිමට සුදානම් වන බැවින්Google සමාගමේ අවධානය යොමු වී ඇත්තේ Google Play Music පරිශීලකයින් හට YouTubeMusic වෙත මාරු වීමේ හැකියාව පහසු කරවීම හරහා ඒ වෙත ආකර්ෂණය කර ගැනීමටයි. මේ අනුව Google Play Music වල ඔබගේ ඇති music library එක ඒ ආකාරයෙන්ම YouTu…

මෙම වසර අවසාන වන විට Google සමාගම විසින් Google Play Music සේවාව නවතා දැමීමට සූදානම් වන නිසාම, Google Play Music වල ඇති ගීත YouTube Music වලට සෘජුවම Transfer කිරිමට හැකියාව ලබා දීමට Google සමාගම කටයුතු කළ අතර ඉදිරි සති කිහිපය තුළ තවත් අලුත් පහසුකම් YouTube Music සේවාව සඳහා එක් වීමට ‍බොහෝ ඉඩකඩ තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Central වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැකිය.