Google වැනි සමාගම් ද මෙවැනි AI සාරාංශකරණ විශේෂාංග හඳුන්වා දී ඇති අතර, ඒවා ද සමහර අවස්ථාවල වැරදි තොරතුරු ජනනය කිරීම සම්බන්ධයෙන් විවේචන වලට ලක් වුනා ඔබට මතක ඇති.
ඇපල් සමාගම විසින් තම නවතම iPhone දුරකථනවල හඳුන්වා දුන් Apple Intelligence notification summaries විශේෂාංගය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු හේතුවෙන් එය update කරන්න සමගම තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ BBC වැනි ප්‍රමුඛ මාධ්‍ය ආයතන විසින් මෙම තාක්ෂණය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කිරීමෙන් පසුවයි.
මෙම AI විශේෂාංගය මගින් පුවත් සාරාංශ කිරීමේදී බරපතල වැරදි සිදු කර ඇති බව වාර්තා වී තිබෙන අතර, මෙය AI hallucination එකක් ලෙසින් ද හඳුන්වන්න පුළුවන්.
පහතින් දක්වා තිබෙන්නේ BBC සේවය විසින් පල කල පුවත් වැරදි ලෙස notification summaries කිරීම ඔස්සේ පරිශීලකයන් වෙත පෙන්වූ අවස්ථා කිහිපයක්.
- UnitedHealthcare සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඝාතනය සම්බන්ධ සැකකරු වන Luigi Mangione විසින් සියදිවි නසා ගත් බව BBC වාර්තා කල බවට වැරදි තොරතුරු වාර්තා කිරීම.
- PDC ලෝක ඩාට්ස් ශූරතාවලිය ආරම්භ වීමටත් පෙර Luke Littler ජයග්‍රහණය කළ බවට BBC වාර්තා කල බවට වැරදි පුවතක් නිකුත් කිරීම
- ස්පාඤ්ඤ ටෙනිස් ක්‍රීඩක Rafael Nadal සමලිංගිකයෙකු බව BBC හෙළිදරව් කළ බවට අසත්‍ය පුවතක් පළ කිරීම.
ඇපල් සමාගම පවසන්නේ සති කිහිපයක් තුළ මෙම ගැටලුව විසඳීම සඳහා software update එකක් නිකුත් කරන බවයි. මෙම update එක කිරීම මගින් notification summaries කිරීමේදී Apple Intelligence පද්ධතිය මගින් වෙනස්කම් සිදු කර ඇති බව පැහැදිලිව පෙන්වනු ඇතිඕ බවයි ඔවුන් සඳහන් කරන්නේ.
"A software update in the coming weeks will further clarify when the text being displayed is summarization provided by Apple Intelligence. We encourage users to report a concern if they view an unexpected notification summary."
මෙම විශේෂාංගය දැනට beta අදියරේ පවතින බවත්, පරිශීලකයින්ට එය භාවිතා කිරීම හෝ නොකිරීම තෝරා ගත හැකි බවත් සමාගම අවධාරණය කරයි.
මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින Reporters Without Borders සංවිධානය මෙම විශේෂාංගය අක්‍රිය කරන ලෙස ඇපල් සමාගමෙන් ඉල්ලා සිටියි. ඔවුන්ගේ මතය වන්නේ කෘතිම බුද්ධි සේවා තවමත් විශ්වසනීය තොරතුරු නිපදවීමට තරම් පරිණත නොවන බවයි.
මේ අතර Google වැනි සමාගම් ද මෙවැනි AI සාරාංශකරණ විශේෂාංග හඳුන්වා දී ඇති අතර, ඒවා ද සමහර අවස්ථාවල වැරදි තොරතුරු ජනනය කිරීම සම්බන්ධයෙන් අතිශය විවේචනයන වලට ලක් වුනා ඔබට මතක ඇති.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා bbc.com වෙබ් අඩවිය සහ rsf.org වෙබ් අඩවිය භාවිතා කළ හැක.