ටික දිනකට ඉහතදී Oppo සමාගම විසින් 10x Optical Zooming හැකියාව තිබෙන camera එකක් සහිත ජංගම දුරකථනයක් එළිදැක්වීමට සූදානම් වන බව ඔබව දැනුවත් කළා මතක ඇති.

Oppo සමාගම මේ ආකාරයේ ජංගම දුරකථනයක් නිෂ්පාදනය කිරීමට සූදානම් වුවත් මෙම තාක්ෂණයේ නියම හිමිකරුවන් වන්නේ Oppo සමාගම නම් නෙවෙයි. ඒ තමයි ඊශ්‍රායෙල් සමාගමක් වන Corephotonics කියන සමාගම.

මුලින්ම periscope smartphone camera තාක්ෂණය ලොවට හඳුන්වාදීමට කටයුුතු කළ මේ Corephotonics ආයතනයේ නිෂ්පාදනයක් භාවිතා කරමින් 2017 වර්ෂයේ Oppo සමාගම 5x lossless zoom කිරීමේ හැකියාව සහිත ජංගම දුරකථනයක් ප්‍රදර්ශනය කළ අතර, 2019 වර්ෂයේදී මෙය වැඩිදියුණු කර 10x optical zooming සහිත ජංගම දුරකථනයක් එළිදක්වන බව ප්‍රකාශ කරනු ලැබුවා.

කෙසේ වෙතත් ඔන්න දැන් Samsung සමාගම විසින් ‍මේ Corephotonics සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 160ක මුදලකට මිලදී ගැනීමට සූදානම් වන බව දැනගන්නට ලැබෙනවා.

Samsung සමාගම මේ periscope තාක්ෂණයටත් අමතරව Camera තාක්ෂණය පිළිබඳව මෙම ආයතනය සතු patent බළපත්‍ර 150ක පමණ ප්‍රමාණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙන බව වාර්ථා වෙනවා.

ඉතින් මේ ආයතනය මිලදීගන්නා ඕනෑම සමාගමකට මේ patent 150ත් අයිති වන අතර, ඒවා සතු තාක්ෂණයන් ජංගම දුරකථනයකට ඇතුලත් කළහොත් දැනට වෙළඳපොලේ ඇති සියලුම ජංගම දුරකථන camera අභිබවා යාමට එම ආයතනයට හැකියාව ලැබෙනවා.

එමෙන්ම මේ වන විටත් Apple සමාගම මෙම සමාගමට අයත් patent බළපත්‍ර වල පවතින තාක්ෂණයන් ඔවුන්ගේ dual-camera සහිත iPhone වල භාවිතා කර ඇති බව ද දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය හා Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.