ඔක්තෝබර් 13 වනදා Apple සමාගම විසින් online event එකක් පවත්වන බව‍ මින් පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Apple සමාගම ඔවුන්ගේ මීළඟ online event එක ඔක්තෝබර් 13 වනදා පැවැත්වීමට සූදානම් වෙයි
Apple සමාගම විසින් මේ වනවිට ඔවුන්ගේ මීළඟ online event එක ප්‍රකාශ කිරීමට කටයුතුකර ඇති අතර එය ඔක්තෝබර් 13 වන අඟහරුවාදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10:30 ට ApplePark එකෙහි සිට online stream කිරීමට නියමිතව තිබෙනවා. සුපුරුදු පරිදි, මෙම ආරාධනය සඳහා Apple icon එක ඇතුළත් image එකක් ඇතුළත් වන අතරඑහි ’Hi,…

Apple සමගම විසින් තම smart speaker series එක වන Apple Homepod හි කුඩා speaker එකක් ඊයේ පැවැත්වුණු Apple event එක අතරතුරදී හඳුන්වාදුන් අතර එය සාමන්‍ය Homepod එකට වඩා ප්‍රමාණයෙන් කුඩා වුවද, full-size Homepod එක මෙන්ම කලු සහ සුදු වර්ණ වලින් යුතු දැලක ආකාරයේ fabric එකකින් නිර්මාණය කර ති‍‍‍බෙනවා.

Homepod mini එකේ main driver එක, Passive Radiators දෙකක් සහ පහලට යෙදෙන "Acoustic Waveguide" එකක් භාවිතයෙන් නිර්මාණය කර ඇති අතර ඉහලින් "Siri" Animation එක පෙන්වීමට සහ volume control කිරීම සඳහා touchscreen ‍display එකක්ද ලබාදී තිබෙනවා.

මේ අලුත් HomePod mini එක Apple S5 chip එකකින් බළගැන්වෙන අතර, මෙහි ඇති "Computational audio" නමින් හඳුන්වන intelligent audio processing algorithm එක හරහා එයට ලැබෙන audio signals තත්ත්පරයට වාර 180ක වේගයෙන් process කරනු ලබන අතර, ඒ හරහා වඩාත් quality එකකින් සහ වැඩි හඬකින් යුතු ලෙස audio output එකක් ලබාදීමට මෙයට හැකියාව ලැබෙන බව Apple සමාගම පෙන්වා දෙනවා.

එමෙන්ම HomePod mini speaker කිහිපයක් එකට සම්බන්ධ කිරීමේ හැකියාව ඇති අතර මෙලෙස සම්බන්ධ කළහොත්, අදාල room එක ඇතුලත stereo sound system එකක් නිර්මාණය කරගැනීමට මෙයට හැකියාව තිබෙනවා. මේ සඳහා ගිය වසරේ Apple සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ U1 chip එක ද භාවිතා කරනු ලබන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ වසර අග වන විට third-party music services වන Pandora Music, iHeartRadio, Amazon Music වැනි සමාගම්ද HomePod mini සඳහා සහාය දක්වන බව Apple සමාගම විසින් ප්‍රකාශ කර තිබෙනවා.

තවත් විශේෂ අංගයක් වන "Intercom" පහසුකම මගින් එකම නිවස තුල ඇති Homepod උපාංග හරහා පණිවුඩ යැවීමද සිදුකළ හැකි අතර එම පණිවුඩ පවුලේ සාමාජිකයන්ගේ iPhone සහ iWatch වෙතද යැවිමට හැකියාව තිබෙනවා.

HomePod එකහි ආරම්භක මිල වනුයේ ඇමරිකානු ඩොළර් 340ක් වූ අතර මෙතෙක් පැමිණ තිබූ අනෙකුත් smart speakers සමඟින් තරඟයට පැමිණීමට නොහැකි වූයේ ඔවුන්ගේ මිල නිසා වන නමුත් මෙම Homepod Mini එක සමඟ Google Home සහ Amazon Alexa සමඟද තරඟ වැදීමට Apple සමාගමට හැකිවනු ඇත.

Homepod එක මගින් Homekit හා සම්බන්ධ IoT උපාංග ක්‍රියාත්මක කිරීමද, Apple Music Play කිරීම ද, නිවසේ එක් එක් සමාජිකයාට සම්බන්ධ පණිවිඩ යැවීමද සිදුකළ හැකි අතර Apple සමාගම විසින් පරීශීලකයින්ගේ දත්ත වල ආරක්ෂාව පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වනවා.

මේ අලුත් HomePod mini එකෙහි මිල ඇමරිකානු ඩොලර් 99ක් වන අතර 2020 නොවැම්බර් 6 වැනි දින සිට ඔබට මිලදී ගත හැකි වෙනවා මෙන්ම නොවැම්බර් මස 16 වන දින සිට වෙළඳපොලට නිකුත් කිරිමට ද Apple සමාගම සුදානමින් සිටිනවා.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Apple නිළ වෙබ් අඩවිය භාවිතා කළ හැක.