මීට පෙර ලිපියකින් Microsoft Power Point සදහා හදුන්වාදුන් Real Time captions සහ subtitles පහසුකම ගැන ඔබව දැනුවත් කළා මතක ඇති.

ඉතින් ඒ වගේම මෙම පහසුකම Skype වලත් වලටත් එකතු කරන්න Microsoft සමාගම මේ වන විට කටයුතු කර තිබෙනවා.

ඔයාට මේ පහසුකම විඩියෝ සංවාදයක් අතතුර Enable කර Call එකෙහි සංවාදය තුළ අනෙක් පුද්ගලයා කියනා දේ Real-Time, එහෙමත් නැතිනම් එසැනින් ම තමන් කැමති භාෂාවකින් Subtitle ලෙස බලාගන්න හැකියාව තිබෙනවා. කෙසේ නමුත් මෙය හරහා මේ අවස්ථාව වන විට භාවිතා කල හැකි වන්නේ භාෂා 20ක් පමණයි.

ඉතින් මේ පහසුකම Enable කරන්න අවශය වුනොත් call Screen එකෙහි පැත්තට වෙන්න තියෙන " + " මත click කර turn subtitles on නමිත් මේ ඇති මේ පහසුකම Enable කර ගන්න පුලුවන්.

එ් වග‍ේම Settings හරහා මෙය default On වන විදිහට සකස් කරන්නත් හැකියාව Skype භාවිතා කරන්නන් හට ලබා දිල තිබෙනවා. එසේ කලහොත් නැවත් නැවතත් අදාල Option එක තෝරාදීම අවශය නොවන අතර සෑම call එකක දීම මෙම පහසුකම ස්ව්‍යංක්‍රීයවම ON වී පවතිනවා.

කලින් ලිපියෙහි සඳහන් කළ ආකාරයට, බිහිරි පුද්ලගලයන්ටම පමණක් නොව අපි සිටිනා ස්ථානය අනුව, අපට අනෙක් කෙනා කතා කරන දේ පහැදිලිව ඇහෙන්නේ නැති තැනක් නම් එම අවස්ථාවේදී මෙම පහසුකම සාමාන්‍ය පුද්ගලයෙකුට වුවත් ඉතාමත් වැදගත් වනු ඇත.

මීට අමතරව මෙලෙස Screen එකට Real time එන Subtitle අපට අවශනම් Real-time ම Translate කිරීමේ පහසුකමත් ලබාදීමට Microsoft සමාගම කටයුතු කර තිබෙනවා.

මේ පහසුකම Skype 8 වැනි සංස්කරණය හරහා Android (6.0+) හා ඊට වැඩි Device වලට වග‍ේම, iPhone, iPad, Linux, Mac, Windows සහ Skype for Windows 10 (version 14) වලට ලබා දීමට කටයුතු කර ඇත.

ඔබ දැනටමත් ඉහත Versions භාවිතා කළත් මෙම පහසුකම ලැබී නොමැතිනම ඉදිරි සති කිහිපය තුළ මෙම පහසුකම ලැබෙනු ඇත.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Tech Crunch වෙබ් අඩවිය හා My Broadband වෙබ් අඩවිය භාවිතා කළ හැක.