Instagram app එක අනපේක්ෂිත ලෙස camera එකට ප්රවේශ වන බව iOS 14 beta සංස්කරණය භාවිතා කරන ඇතැම් පරිශීලකයින් හට දැකගැනීමට හැකි වී තිබෙන අතර ඇතැමුන් පෙන්වා දෙන්නේ මේ Instagram app එක හරහා camera එක භාවිතා නොකරන අවස්ථාවලදී පවා device එකෙහි කොළ පැහැති “camera on” indicator දර්ශනය වන බවයි.
Casually browsing Instagram when suddenly the new iOS 14 camera/microphone indicator comes on. Then control panel ratted out the app behind it. This is going to change things. #iOS14 pic.twitter.com/EnTIRsqq3R
— KevDoy (@KevDoy) July 17, 2020
Instagram හි ප්රකාශකයෙකු The Verge වෙබ් අඩවිය වෙත ප්රකාශ කර සිටියේ මෙම තත්වය ඇති වී ඇත්තේ එම app එකේ bug එකක් නිසා වන බවත්, එය නිවැරදි කිරීමට දැනටමත් කටයුතු කරමින් සිටින බවත් ය.
Instagram ආයතනය තම පරිශීලකයින්ගේ camera එක access කරනු ලබන්නේ පරිශීලකයාගේ අවසරය මත පමණක්ම වන බවත් ඔහු වැඩිදුරටත් ප්රකාශ කර සිටිනවා.
App එකක් හෝ widget එකක් clipboard එක, camera එක හෝ microphone එක access කරන විට iOS 14 පරිශීලකයින් හට ඒ පිළිබඳව දැනුම්දීමක් සිදු කරනු ලබන අතර, මෙම සිදුවීමට පෙර iOS 14 වල developer preview සහ public beta නිකුත් කිරීමෙන් පසුව LinkedIn, Reddit සහ TikTok වැනි ජනප්රිය apps විශාල ප්රමාණයක් රහසිගතව පරිශීලකයින්ගේ clipboard data වලට ප්රවේශ වන බව අනාවරණය වූවා.

පසුගිය වසරේදී, Instagram ආයතනයේ මව් සමාගම වන Facebook සමාගම ද පරිශීලකයින්ගේ අනුදැනුමකින් තොරව app එක භාවිතා කරන සෑම අවස්ථාවකම camera එකට ප්රවේශ වන බව අනාවරණය විය.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Mac Rumors වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.