සාමාන්‍යයෙන් ඔබ අප දන්නා touch Screen එකක් යනු යනු සැබවින්ම ස්පර්ශ සංවේදී තිරයක් වන අතර ඒවා operate කිරීමට අපේ අතැඟිලි වලින් ඒවා ස්පර්ශ කිරීම කළ යුතු වනවා.

නමුත් තාක්ෂණය යනු දිනෙන් දින ඉදිරියට ගමන් කරනු ලබන දෙයක් වන අතර එය මනාව තහවුරු කරන පුවතක් මේ වන වාර්තා වී තිබෙනවා.

එනම් සාම්ප්‍රදායික ස්පර්ශ සංවේදී තිර වලින් ඔබ්බට ගොස් සැබවින්ම ස්පර්ශ කිරීමට අවශ්‍ය නොවන touch screen එකක් නිපදවීමට වීමට බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සරසවියේ පරීක්ෂකයින් පිරිසක් සමත් වී තිබෙනවා.

Predictive touch නමින් patent බළපත්‍රයක් ලබාගෙන ඇති මෙම තාක්ෂණය භාවිතා කරමින් පරිශීලකයාගේ ඇඟිලි තිරය මත ස්පර්ශ වීමට පෙර එය කියවීමට මෙම තිරය සමත් වන අතර ඒ සඳහා පරිශීලකයාගේ ස්වභාවය, පාරිසරික තත්වයන් හා ඔවුන්ගේ eye action ආදිය ඔස්සේ දත්ත ලබාගන්නා බව ඔවුන් ප්‍රකාශ කරනවා.

මෙම දත්ත පදනම් කර ගනිමින් පරිශීලකයා ස්පර්ශ කිරීමට සූදානම් වන්නේ තිරයේ කුමන ස්ථානයද යන්න මෙම තාක්ෂණය විසින් හඳුනාගනු ලබන අතර ඒ ඔස්සේ සේවාව ඉදිරියට පවත්වාගෙන යා හැකි වෙනවා.

මේ ක්‍රියාවලිය වෙනුවෙන් විවිධ sensor වලින් ලබාගන්නා දත්ත, artificial intelligence, එහෙමත් නැතිනම් කෘතීම බුද්ධිය භාවිතා කරමින් සිදු කරනු ලබන predict කිරීමේ කටයුතු සඳහා භාවිතා කරනු ලබන බව ඔවුන් පෙන්වා දෙනවා.

මොවුන් විසින් මෙය ප්‍රධාන වශයෙන්ම මෝටර් රථ වල භාවිතා කිරීම ඉලක්ක කරගෙන නිපදවනු ලැබූව ද මේ වන විට ඇතිව තිබෙන තත්ත්වය හමුවේ මෙම තිරය ATM, පොදු වෙළඳ සැල්, දුම්රිය ස්ථාන හා Ticket Counter ආදී පාරිභෝගිකයන් පොදුවේ භාවිතා කරන ස්ථාන වලට සම්බන්ධ කිරීමට හැකියාව තිබෙන බව මෙහි නිර්මාපකයින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

විශේෂයෙන් වර්තමානයේ COVID-19 වෛරසය ව්‍යාප්ත වී පවතින වාතාවරණය හමුවේ එම වෛරසය plastic හා වීදුරු මත පැය හෝ සති ගණනාවක් සජීවී තත්ත්වයේ පවතින බව සොයා ගෙන තිබෙනවා.

සාම්ප්‍රදායික touch screen මගින් මෙම වෛරසය සම්ප්‍රේෂණයන් වැළැක්වීම සඳහා පොදු ස්ථානවල ඇති ස්පර්ශක තිර නිරන්තරයෙන් විසබීජහරණය කළ යුතු වන අතර මෙම තාක්ෂණය ඔස්සේ එම අවදානම සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් කරනු ලැබෙන නිසා, මෙවැනි touch screen එකක අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා වර්තමානයේ දැනෙමින් තිබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

AI-based ‘no-touch touchscreen’ could reduce risk of pathogen spread from surfaces
A “no-touch touchscreen” developed for use in cars could also have widespread applications in a post-COVID-19 world, by reducing the risk of transmission of pathogens on surfaces.

මේ හා සමාන තාක්ෂණයක් එනම්, Motion Gesture තාක්ෂණය සහිත smartphone සහ රූපවාහිනී නිපදවීමට Samsung හා Google යන සමාගම් මේ වන විටත් සමත් වී තිබෙන නමුත් තවමත් ඒවා සීමිත හැකියාවන්ගෙන් යුක්ත වෙනවා.

නමුත් මෙම තාක්ෂණයේ ඇති විශේෂත්වය නම් මෙම Screen එක ඕනෑම තැනකට අලුතෙන්ම එක් කිරීමට හෝ පැරණි ඒවා ඉවත් කොට ඒ වෙනුවට සවි කිරීමටත්, කිසිදු මූලික දැනුමකින් තොරව ඕනෑම අයෙකුට පහසුවෙන් භාවිත කිරීමටත් හැකියාව ලැබීම බව මොවුන් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය සහ TNW වෙබ් අඩවිය භාවිතා කළ හැක.