Google සමාගම විසින් ඔවුන්ගේ Google Home Max device එක සහ Apple සමාගම විසින් ඔවුන්ගේ Apple HomePod එක හඳුන්වාදීමත් සමඟින්, ඒ සමඟ තරඟ කිරීමට high-end device එකක් මේ දක්වා Amazon සමාගම සතු නොවුණි.

කොහොම නමුත් පසුගිය සැප්තැම්බර් 25 වැනි දින විශේෂ event එකක් පවත්වමින් Amazon සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම smart speaker එක වන Amazon Echo Studio device එක හඳුන්වාදීමට කටයුතු කරණු ලැබුවා.

මේ smart speaker එක සාමාන්‍යය Amazon Echo devices වලට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර මෙය speakers 5කින් සමන්විත වෙනවා.

Amazon Echo Studio එක 3D Audio සහාය දක්වන ලොව පලමු smart speaker එක වන අතර මෙය Dolby Atmos සහ Sony 360 Reality Audio Codec එක සඳහා ද සහාය දක්වනු ලබනවා.

මෙය විශේෂයෙන්ම හදුන්වා දී ඇත්තේ Amazon සමාගමේ Amazon music HD streaming සේවාව හරහා සම්බන්ධවී ඉතා ගුණාත්මක මට්ටමේ ගීත Echo පාරිභෝගිකයන් හට අත්විදීමේ හැකියාව ලබා දීමටයි.

බැලූ බැල්මට මෙය ප්ලාස්ටික් වලින් සිලින්ඩරාකාර ආකෘතියකට අනුව නිපදවා ඇති අතර සිලින්ඩරයේ ඉහල කෙලවරේ voice commands ලබා ගැනීමට microphones 7ක්, Alexa සක්‍රීය වූ විට ඒ බව පෙන්වීම සඳහා සුපුරුදු LED ring එක සහ Alexa නිශ්ශබ්ද කිරීමට ඇති switches ඇත.

Amazon සමාගම විසින් මේ දක්වා නිෂ්පාදනය කර ඇති තාක්ෂණයෙන් අනූනතම smart speaker එක මෙය වන බවත්, මෙයින් ලැබෙන ශබ්ධය ඉතාමත් සුපැහැදිළි වන බවත් ඔවුන් පවසා සිටිනවා.

මේ අලුත්ම Smart Speaker එක high-end market එක ඉලක්ක කරගෙන වෙළඳපොලට නිකුත් කිරීමට Amazon සමාගම කටයුතු කර ඇති අතර මෙහි මිළ ඇමෙරිකානු ඩොලර් 199ක් වන බව වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.