මේ වෙනකොට Apple Music සහ Spotify ලොව පුරා බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වී තිබෙන Music streaming සේවාවන් වන අතර මේ අතරින් මීළඟට තිබෙන විශාලතම සේවාව වන්නේ Amazon Music සේවාවයි.

ඔන්න දැන් Amazon සමාගම විසින්, ඔවුන්ගේ Amazon Music සේවාව සඳහා මේ ආකාරයේ free tier එකක් එකතු කිරීමට සූදානම් වන බව Billboard වෙබ් අඩවියේ ලිපියක් හරහා වාර්ථා කෙරෙනවා.

මේ අනුව හඳුන්වාදීමට නියමිත package එක නොමිලයේ ලබා දුන්නත් ඒ හරහා Ads පෙන්වීමට කටයුතු කරනු ලබන බව දැනගන්නට ලැබෙනවා.

මේ වන විට Amazon Music Unlimited සහ Prime Music යන සේවාවන් වලින් Apple Music හා Spotify වලට අභියෝග කරන Amazon Music සේවාව මේ අලුත් package එක හරහා වඩාත් අභියෝගයක් බවට පත්වේවි යැයි අනුමාන කෙරෙනවා.

මේ සතියේ අග භාගය වන විට Amazon Echo speakers හරහා මෙම සේවාව එළිදැක්වීමට කටයුතු කිරීමට Amazon සමාගම කටයුතු කරනු ඇතැයි Bilboard වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්ථා කරනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Billboard වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.