Desktop සහ Mobile web browser අතරින් ලොව ජනප්‍රියතම Web browser එක Google Chrome බව මේ වන විටත් ඔබ දන්නවා ඇති.

මේ Google Chrome වල ජනප්‍රියත්වයට හේතු වූයේ එය සතු විවිධ පහසුකම් හා Speed එක වූ නමුත්, අනෙක් සියළුම Web browser වලම පාහේ තිබුණු පහසුකමක් වන Reader mode එක මේ වන තුරු Google Chrome වලට ඇතුලත් කර තිබුණේ නැහැ.

Mozilla Firefox, Safari වගේම Microsoft Edge වල පවා ඇතුලත් වන මේ පහසුකම හරහා වැඩි ප්‍රමාණයක් text ඇති වෙබ් අඩවි ඉතාමත් පහසුවෙන් කියවිය හැකි ලෙස සකස් කර දෙන අතර මේ වන විට Google Chrome වල Canary සංස්කරණයට මෙය ඇතුලත් කර තිබෙනවා.

දැනටමත් Canary සංස්කරණයේ මෙම පහසුකම ඉතාමත් හොඳින් වැඩ කරන බව වාර්ථා වන අතර නුදුරේදීම Chrome වල stable සංස්කරණයට එකතු කරනු ඇති බව විශ්වාස කෙරෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා Softpedia වෙබ් අඩවිය භාවිතා කළ හැක.