Samsung සමාගම විසින් නව smartphone series එකක් හඳුන්වාදීමට සූදානමින් සිටින අතර Galaxy F ලෙස නම් කර ඇති එම series එකේ පළමු මාදිලිය ඔක්තෝබර් 8 වන දා නිකුත් කිරීමට නියමිතයි.

Galaxy F41 ලෙස නම් කර ඇති මෙම මාදිලිය ඉන්දියානු වෙළඳපොලට නිකුත් කිරීමට සූදානම් කර ඇති අතර මෙය budget මාදිලියක් ලෙස නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඉන්දීය e-commerce ව්‍යාපාර සමාගමක් වන Flipcart හා Samsung සමාගම අතර සහයෝගීතාවයක් ප්‍රකාශයට පත් වීමෙන් පසු මෙම සමාගම් දෙක එක්ව නිකුත් කරන පළමු Samsung දුරකථන මාදිලිය වන්නේ මෙම මාදිලියයි.

මෙම ජංගම දුරකථනය design කිරීමේ සිට නිෂ්පාදනය දක්වා සිදු කරනු ලබන්නේ ඉන්දියාව තුළ වන බව ද වාර්ථා වෙනවා.

මෙහි sAMOLED Infinity-U display එකක්, Triple rear camera setup එකක්, fingerprint reader එකක් මෙන්ම 6,000 mAh battery එකකින්ද බලගැන්වෙන බව සඳහන් වන අතර Exynos 9611 SoC එකකින් හා 6GB RAM එකකින්ද යුතු වන බව පැවසෙනවා.

Android 10 ඔස්සේ බලගැන්වෙන මෙම දුරකථනයේ USB Type-C port එකක්ද ඇතුළත් වනු ඇති බව වාර්තා වෙන අතර Black, Blue, සහ Green ලෙස Color options තුනකින්ද සමන්විත වනු ඇති බව වාර්ථා වෙනවා.

ඉන්දියන් රුපියල් 15,000-20,000 ත් අතර මිලකට මෙහි මිල නියම වෙනු ඇති බව අනුමාන කරන නමුත් එය තවමත් Samsung සමාගම විසින් තහවුරු කර නැහැ.

එමෙන්ම මෙම series එක ඉන්දියාවට පමණක් සීමා වෙනු ඇති බව සඳහන් වන අතර එය globally launch කිරීමක් පිලිබඳව මේ වන තෙක් තොරතුරු වාර්තා නොවන බවත් මෙහිදී සඳහන් කල යුතු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gadgets 360 වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.