ඇමරිකාවේ වේලාවෙන් ඊයේ උදෑසන 11.30ට ගූගල් සමාගමේ hardware lunching event එක ආරම්භ වුණු අතර එහිදී Google සමාගම විසින් 2018 - 2019 වසර සදහා නිකුත් කරන නවතම උපාංග කිහිපයක් එළිදැක්වූවා.

ඇපල් සමාගමේ නවතම ජංගම දුරකතනය නිකුත්වී මසකටත් අඩු කාලයක් ඇතුලත ඒ හා සමාන තාක්ෂණික ලොවේ දැවැන්තයෙකුගේ ප්‍රධාන ජංගම දුරකතයක් වීම නිස‍ාවෙන් මෙහිදී බොහෝ දෙනා අවධානය යොමු කලේ Google සමාගමේ නවතම Google Pixel 3 ජංගම දුරකතනය වෙතටයි.

කෙසේ වෙතත් පෙර වසර කිහිපයේ Google Pixel දුරකතනයේ බාහිර ස්වරුපයට සමාන නමුත් වර්ණයන්ගේ වෙනස්කම් මෙන්ම මේ වනවිට ජංගම දුරකථන අතර බොහෝ ජනප්‍රිය Infinity Display සහ Notch එක නවතම දුරකථනයත් සමග පැමිණ තිබෙනවා.

මෙම වසරේ ජංගම දුරකතනයට අමතරව තවත් උපාංග 2ක් නිකුත්වූ අතර ඒවා Google Home Hub සහ Google Pixel Slate වේ.

Google Home Hub වශයෙන් මෙම වසරේ නිකුත් වුයේ මිට පෙර නිකුත්වූ Google Home උපාංගයේ වැඩිදියුණු කල උපාංගයකි. Google Pixel Slate ගූගල් සමාගමේ නවතම ලැප්ටොප් එක හෝ ටැබ්ලට් පරිගණකය යන ආකාර දෙකටම හැදින්විය හැකි උපාංගයකි.

මෙම උපකරණ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ඔබ වෙත ගෙන ඒමට මේ වන විටත් අප විසින් කටයුතු සූදානම් කරමින් පවතින අතර ඒ අතරතුර මේ ගැන වැඩි විස්තර දැනගැනීමට theverge වෙබ් අඩවිය භාවිතා කළ හැක.