Google Pixel 2 සහ Pixel 2 XL ජංගම දුරකථන වෙළඳපොලට නිකුත් කර මේ වන විට වසර තුනක් ගතවී ඇති අතර, එහි නිළ සේවා කාළය වන වසර තුනක කාළසීමාව අවසානයේදී අවසන් software update එක නිකුත් කිරීමට Google සමාගම මේ වන විට කටයුතු කර තිබෙනවා.

2020 December security patches ඇතුලත් වන මෙම update එකට පසුගියදා Pixel 3 ඇතුළු අලුත් Pixel ජංගම දුරකථන සඳහා ලබාදීමට කටයුතු කළ Feature Drop update එක ඇතුලත් වන්නේ නැහැ.

Learn when you’ll get Android updates on Google Pixel phones & Nexus devices - Pixel Phone Help
Update schedules vary by device, manufacturer, and mobile carrier. Here are update and support periods for Pixel phones and Nexus devices. If you have another Android device, contact your manufa

Google සමාගමේ update ලබාදීමේ ප්‍රතිපත්ති වලට අනුව ‍2017 වර්ෂයේ ඔක්තෝම්බර් මස එළිදැක්වුණු Pixel 2 සහ Pixel 2 XL ජංගම දුරකථන වලට 2020 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයෙන් පසුව updates ලබාදීමට නියමිත නොවුවත්, මේ වන විට ප්‍රමාද වූ නොවැම්බර් update එක මේ ආකාරයෙන් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මේ ආකාරයෙන් පසුගිය වසරේදී අවසන් update එක ලැබුණු Pixel සහ Pixel XL මාදිලි සඳහා ද 2019 වසර වන විට අතිරේක වසරක කාලයක් දක්වා software updates ලබාදීමට Google සමාගම කටයුතු කර තිබුණ නමුත් Pixel 2 ජංගම දුරකථන හිමියන් හට එය එසේ නොවනු ඇති බව දැකගත හැකි වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.