Dota 2 මේ වෙනකොට ලොව පුරාම බොහොම ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවක් වී හමාරයි.

ඒ වගේම මේ වසරේ Dota 2 world championship තරඟාවලිය වෙනුවෙන් ඉදිරිපත් වෙන හොඳම team වලට අභියෝග කිරීමට AI බාවිතා කරමින් පුහුණු කරන ලද bots ලා ඉදිරිපත් කිරීමට OpenAI කියන research lab එකෙන් සූදානම් වෙනවා. මේ OpenAI කියන්නේ Elon Musk සහ Sam Altman විසින් ආරම්භ කරන ලද ලාබ නොලබන පර්යේෂණ ආයතනයක්.

open-ai-techie

මේ OpenAI කණ්ඩායම විසින් පුහුණු කරන ලද AI Bots ලා පසුගිය වර්ශයේදී ලෝකයේ හොඳම Dota 2 players ලා ට එරෙහිව (1v1) තරඟ වැදුණා මතක ඇති. නමුත් මේ වන විට එක් මිනිසෙකු හා පරිගණකය අතර ඇති අභියෝගාත්මක බව අඩු වී ගෙන එන බැවින් ඔවුන් මේ වර්ශයේදී (5v5) team match වෙනුවෙන් තරඟ කිරීමට බළාපොරොත්තු වෙනවා. මේ සඳහා වඩාත් නිවැරදි ලෙස සැළසුම් කිරීමට හා උපාය මාර්ග බාවිතා කිරීමට සිදු වන අතර ලොව හොඳම Dota 2 players ලා සමඟ තමයි මේ තරඟය පැවැත්වෙන්නෙත්.

open-ai-vs-dota-2-palyers-1v1-techie

බොහෝ වෙලාවට අපිට අහන්න ලැබෙන්නේ කෘතීම බුද්ධිය යොදාගෙන Chess, Go වගේ board games වලින් පරිගණකය ජයග්‍රහණය ලබන පුවත් වුවත් මෙම board games වලදී ගණනය කිරීම් බාවිතා කරමින් බොහෝ වෙලාවට මිනිස් මොලයට වඩා පරිගණකයට එම අවස්ථාවට වඩාත් සුදුසුම move එක තෝරා ගැනීමට හැකියාවක් තිබෙනවා. කෙසේ වුවත් Dota 2 කියන්නේ මේ වගේ board game එකක් නොවන අතර එය නිවැරදිව ක්‍රීඩා කිරීමට නම් නොයෙක් ප්‍රායෝගික උපායමාර්ග බාවිතා කරමින් හා සැලසුම්සහගත ලෙස ක්‍රීඩා කළයුතු වෙනවා.

open-ai-vs-dota-2-palyers-techie

සාමාන්‍යයෙන් චෙස් ක්‍රීඩාවේදී වරකට ගතහැකි පියවර 35ක් පමණ වන අතර, මෙම අවස්ථාව වන විට දෙන ලද ඕනෑම කාළ ප්‍රාන්තරයකදී Dota 2 හි වරකට සළකාබැළිය යුතු විචල්‍යයන් 20,000 ක් පමණ ඇත. එමෙන්ම මෙම විචල්‍යයන් මත ගන්නා තීරණ 1000ක් පමණ ඇති අතර මෙහිදී වඩාත්ම හොඳම තීරණය තෝරාගැනීමට පරිගණකයකට අපහසු වන්නේ අනෙකුත් players ලා විසින් අනුගමනය කරන සැලසුම් හා උපාය මාර්ග ගැනද අවබෝධයක් තිබිය යුතු බැවිනි. ඉතින් 90 ගණන් වලදී chess grandmaster වුණු Garry Kasparov පරදා පරිගණකය ජයග්‍රහණය කළ තරම් මෙය පහසු නොවනු ඇත.

කොහොම නමුත් මෙම කාරණය සම්පූර්ණ කරගැනීම උදෙසා මේ OpenAI කණ්ඩායම විසින් CPU 100,000 ක් බාවිතා කරමින් Dota 2 පුහුණු කිරීම් කරනු ලැබේ. එමෙන්ම එක් දිනක් තුලදී මිනිසෙකු විසින් වසර 180ක් පුහුණු වන තරමේ ප්‍රමාණයක් ආවරණය කිරීමට මෙම AI Bot වලට හැකියාවක් ඇත. ඉතින් පැය කිහිපයක් තුලදී මිනිසෙකුගේ සම්පූර්ණ ආයු කාළයටත් වඩා වැඩි කාලයක් Dota 2 game එක play කිරීමට සහ එයින් ඉගෙන ගැනීමට මෙම AI එකට අවස්ථාව ලැබෙනවා.

AI එකට ඇති හැකියාවන් මෙසේ වුවත් මෙයට යම් යම් සීමාවන්ට යටත් වීමටද සිදු වෙනවා. මෙයට ඇති සීමාවන් හේතුවෙන් game එකෙහි දැනට ලබාගතහැකි Heros ලා 115 අතරින් 5ක් පමණක් බාවිතයට ගනු ලබයි. එමෙන්ම skill level-up වැනි යම් යම් තීරණ තවමත් මිනිස‍ෙකු විසින් ගත යුතු වෙනවා. මීට අමතරව game එකෙහි ඇති ඇතැම් items සීමා කිරීමට මෙන්ම invisibility සහ warding වැනි අංගයන් ද සීමා කිරීමට OpenAI developers ලා කටයුතු කර තිබෙනවා.

මේ වන විටත් ආධුනික players ලා සමගින් බොහෝ අවස්ථා වලදී ක්‍රීඩා කර ඇති අතර ඒ සෑම අවස්ථාවකම පාහේ ජයග්‍රහණය හිමි කරගැනීමට මෙම OpenAI Bot tlg හැකියාව ලැබී තිබෙනවා. මීට අමතරව ඔබ මෙම game session එකක් සජීවීව දැකගැනීමට උනන්දුවක් දක්වන්නේ නම් මෙම මස එනම් ජුනි 28 වන දින පැවැත්වීමට නියමිත game session එක Twitch එකෙන් stream කිරීමටත් ඔවුන් කටයුතු සූදානම් කර තිබෙනවා.