මේ IntelliMouse කියන්නේ Microsoft සමාගම විසින් භාවිතා කරන්නාට ඉතාමත් පහසු ලෙස හැසිරවිය හැකි ලෙස නිර්මාණය කරන ලද Mouse එකක්.

ඒ වගේම මේ mouse එක මොවුන් මුලින්ම ඉදිරිපත් කලේ 1996 වර්ශයේදී වන අතර එහි ඇති අල්ලාගැනීමට පහසු හැඩය, ප්‍රමාණය, පහසුව හා කල්පැවැත්ම හේතු කොටගෙන මෙම mouse එකට විශාල ප්‍රසිද්ධියක් ලැබුණා. දැනටත් මෙම mouse සඳහා ලොව පුරා මිලියන ගණනක fans ලා සිටිනවා.

ඒ වගේම මෑත කාලීනව වෙනස් සමාගම් විසින් විවිධ gaming mouse නිර්මාණය කලත්, මේ වන තුරු බොහෝ gamers ලා අතර විශාල වශයෙන් ජනප්‍රියව තිබූ gaming mouse එකක් ලෙස මෙම IntelliMouse එක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අපි බොහෝ වෙලාවට නොදැන සිටි කරුණක් තමයි මේ දැනට පවතින බොහෝමයක් gaming mouse වල හැඩය IntelliMouse එකේ හැඩයට සමාන වෙන අයුරින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ.

microsoft-launches-modern-version-of-the-famous-intellimouse-techie

මේ mouse එක අවසන් වරට යාවත්කාලීන කරන ලද version එකක් නිකුත් කර තිබුණේ 2003 වර්ශයේ වන අතර ඔන්න දැන් මෙම legendary mouse එක නැවතත් කරළියට පැමිණ තිබෙනවා.

මෙහි පෙනුම හා හැඩය ඉතාමත් හොඳ තත්ත්වයක දැනටමත් පවතින බැවින් ඒවා වෙනස් කිරීම කෙරෙහි Microsoft එක එතරම් උනන්දුවක් දක්වා නැති අතර, මෙයට අළුත් පරම්පරාවේ පහසුකම් එකතු කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

වයර් එකක් සහිත USB 2.0 සම්බන්ධතාවයකින් හෙබි මේ IntelliMouse එක buttons 5 කින් සමන්විත වෙනවා. ඒ වගේම මේ buttons 5 වෙන් වෙන් වශයෙන් තමන්ට අවශ්‍යය ක්‍රියාකාරකම් සඳහා Windows 10, 8.1 සහ 7 වලදී සැකසුම් කළ හැකි අතර BlueTrack කියන tracking technology එකෙන් සමන්විත වෙනවා. ඔවුන් පවසන පරිදි මෙය වීදුරුවක් මත හැර වෙනත් ඕනෑම පෘෂ්ඨයක් මතුපිට ඉතාමත් හොඳින් වැඩ කරන ලෙස තමයි සකසලා තිබෙන්නේ.

modern-version-of-the-famous-intellimouse-techie

කෙසේ වෙතත් මෙම mouse එක Windows වලට පමණක් සහාය දක්වන අතර ඔයා macOS බාවිතා කරන කෙනෙක් නම් මෙය ඔබට බාවිතා කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

ඉතින් ඔයත් කැමති නම් මේ IntelliMouse එකක් මිළදීගන්න, ඔන්න දැන් Microsoft store එකෙන් අැමෙරිකානු ඩොලර් 39.99 කට මේ mouse එක මිළදීගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මිලදීගන්නා mouse එකක මිළ සමඟින් සසඳන විට මෙය ලොකු මිළක් වුවත්, නිතරම mouse එකත් එක්ක කටයුතු කරන ඕනම කෙනෙකුට මෙහි ඇති වටිනාකම, පහසුව නම් මිළ කරන්න අමාරුයි.

Microsoft IntelliMouse